කොදු ඇට පෙලේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර (Physiotherapy) By senior physiotherapist Mr. R.T.K.Rajapaksha

කොදු ඇට පෙලේ වේදනාවට භෞත චිකිත්සක ප්‍රතිකාර.

 කොන්දේ අමාරුව අද සමාජයේ වැඩි දෙනා නිතර පවසන රෝගී තත්වයකි. පවුලේ එක් අයෙකු මෙවැනි රෝගී තත්වයකින් පෙලේ  නම් අනෙක් අයත් එයින් පීඩාවට පත් වේ. මෙම වේදනාවට විව්ධ හේතු බලපායි. මෙය පොදු රෝගී ලක්ෂණයකි. විවිධ හේතු අනුව රෝග ලක්ෂණ වෙනස් වේ. මෙහි ප්‍රධාන තැනක් ගන්නේ කොදු ඇට පෙලේ ඇතිවන පීඩනය නිසා අන්තර් කශේරුක ම්ණ්ඩලයේ ඇතිවන රෝගී තත්වයකි. අන්තර් කෂේරුක මණ්ඩලයේ ආබාධ තත්වයක් හට ගැනීමට ප්‍රධාන හේතූන් ලෙස මෙම ප්‍රදේශයේ ගෙවීම හා තෙරපීම බලපායි.

මේ හැර වැරදි ඉරියව්වකින් සිට බරක් එසවීම, කොදුඇට පෙලට ඇති වන හදිසි පීඩනය යනාදී හේතුන් ද බෙහෙවින් බලපායි. ඉහත හේතු නිසා කොදුඇට වෙනස් විය හැකිය. සාමාන්‍යයෙන් මිනිසාගේ කොදු ඇට පෙල නිර්මාණය වී තිබෙන්නේ එකක් උඩ එකක් සේ කශේරුකා තුනකිනි. එය කොදුඇට පෙලේ පිහිටා තිබෙන්නේ දිග හැරුණු ‘S’ අකුරක හැඩයටය. ශරීරයේ බර දැරීම සදහා කොදුඇට පෙලේ පහල කොටසේ කශේරුකා ක්‍රම ක්‍රමයෙන් විශාල වන ලෙස පිහිටා තිබේ. එය ස්වාභාවික පිහිටීමකි.

කෙනෙකු වැඩියෙන් බරක් ඉස්සුවොත් අනපේක්ෂිත පීඩනයක් කොදුඇට පෙලට සිදුවීමෙන් අන්තර් කශේරුක මණ්ඩල‍යේ ජෙල් වැනි කොටස පිටතට පනී. එසේ වීමෙන් අන්තර් කශේරුකා මඩල ආබාධයට ලක්වේ. මේ නිසා කශේරුකා දෙකක් අතරින් පිටතට විහිදෙන ස්නායු තෙරපීමක් ඇතිවේ. එයින් පුද්ගලයාට කොන්දේ වේදනාව සහ හිරි වැටීම වැනි ගැටලු ඇතිවේ. මෙම තත්වය සයටික් ස්නායුවේ බහුලව සිදු වේ. එම නිසා කොන්දේ අමාරු සමග පාද දිගේ වේදනාව හා හිරි වැටීම සිදුවේ. මෙම රෝගී තත්වය ‘ සයටිකා ‘ නමින් හදුන්වයි.

ප්‍රධාන වශයෙන්ම කොන්දෙ අමාරුවට හේතු වන්නේ කොඳු ඇට පෙළේ ආවරණය කරන මාංශ පේශී වල ඇදීමය.

ඉක්මන් හෝ මාංශපේෂි කීපයක ඇදීම එකවර සිදුවිය හැකිය. මෙසේ  සිදුවන්නේ පමණට වඩා පේශීන් පීඩාවට පත්වීම නිසාය නැතහොත් උපරිම ලෙස දිග හැරීම නිසා මෙම තත්වය ක්‍රීඩා කටයුතුවල යෙදීමේ දී මෙන්ම වැරදි ඉරියව්වල සිට ගෙදර කටයුතු කිරීමේ දී ය.

කොඳු ඇට පෙළේ කශේරුකා දෙකක් අතර බන්ධනී වලින් සම්බන්ධ වීම නිසා පොදු ඇඳ කොඳු ඇට පෙලේ මෙම තත්ත්වය බහුලව ඇතිවේ.

එක දිනකට පැය ගානක් වාඩි වී සිටීම නිසාත් වාහනය පැදවීම නිසා වැරදි ඉරියව්වල සිට දවසේ වැඩ කටයුතු කිරීමේ දී සිදු විය හැකිය එනම් මෙම සන්ධිය බන්දනීය ඇඳීම නිසාය වේදනා සඳහා ප්‍රතිකාර කිරීමේදී ඖෂධීය මෙන්ම ඖෂධීය නොවන ප්‍රතිකාර අවශ්‍යයි ඒ සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් රෝගියාට මහඟු සේවයක් සැලසෙනු ඇත.

භෞත චිකිත්සක ප්‍රතිකාර

 කොන්දේ වේදනාවලදී සුදුසු භෞත චිකිත්සක ප්රතිකාර මෙසේය.

කොඳු ඇට පෙළ ඇදීමට ලක් වූ වහාම සීතල වූ අයිස් භාගයන් තැබීමෙන් වේදනාව හා ඉදිමීම වඩාත් අවම කරගත හැකිය කිරීම මගින් ඇදීම සිදු වූ ස්ථානය යට රුධිරය ගමන් කිරීම රුධිර නාල කුඩා වීම නිසා සිසිල් කිරීමට ප්‍රතිකාරයක් ලෙස තුළ පැවතිය හැකිය ඒ 48 තුළ එම ස්ථාන දැරීම හෝ උණුසුම් කිරීම නොකළ යුතුය

විද්යුත් චිකිත්සාව

 මෙම ප්‍රතිකාර මගින් වේදනාව අඩු කිරීම සඳහා රුධිර සංසරණය වැඩි කිරීම කරනු ලබයි එමෙන්ම මෙයින් මාංශ පේශීන් උද්දීපනය වෙයි අල්ට්‍රා සවුන් ප්‍රතිකාර මගින් වේදනාව අඩුකිරීම සඳහාත් තද ගතිය අඩු කිරීම සඳහාත් යොදා ගනී මෙම ප්‍රතිකාර භෞත චිකිත්සක සායන වලින් ලබාගත හැකි වෙයි.

ව්‍යායාම කිරීම වේදනාවේ මුල්ල ව ගිය තරමක් සුව වූ පසු ව්‍යායාම කිරීම ආරම්භ කරනු ලබයි කොඳු ඇට පෙළේ පේශීන් හා සන්ධිවල සාමාන්‍ය තත්වය පවත්වා ගැනීම සඳහා ව්‍යායාම අවශ්‍ය වෙයි කිරීමේ ව්‍යායාම මෙන්ම ඇඳීම සිදු වීමට ප්‍රධාන දිය මෙන් කශේරුකා චලනයක්  නැවත ලබාගත යුතුය. ප්‍රතිකාර  කිරීමෙන් පසු කොඳු ඇට පෙළේ වේදනාව සුව වී යයි ඉන්පසු නැවත වතාවක් කොඳු ඇට පෙළේ වේදනාව ඇතිවේ ඇති නොවේ යැයි කිසිවකුට කිව නොහැකිය. එම නිසා ප්‍රතිකාර කරනවාට වඩා එය වළකා ගැනීමට ඉතාම වැදගත් වෙයි . එයින් මුදල් සහ කාලය අතිශයින්ම ඉතිරි කර ගැනීමට ඔබට හැකියාව ඇත තවද දෛනික කටයුතු පහසුවෙන් කර ගැනීමේ හැකියාව ඔබට ඇතිවේ.

මෙම ලිපියේ සැකසුම භෞත චිකිත්සකවේදී (Physiotherapist) ආර්‍ර්.ටී.කේ.රාජපක්ෂ මහතා විසිනි. එම මහතා හමු වීමට හා සාක්ච්චා කර ගැනීම සදහා 071-7742598 අමතන්න.

එම මහතා චැනල් කර ගැනීම සදහා නාවින්න මෙඩිකෙයා රෝහලේ පාරිභෝගික සත්කාර ඒකකය අමතන්න.  0714367636 – 0774957636 – 0752367636 – 0114367636