දරුවන් නොමැති අම්මලට ආයුර්වේද ක්‍රම මගින් දරුසම්පත්

වීදිය බණ්ඩාර කුමරුට දරු සම්පත් දුන් ඉපැරණි වෙද පරපුරක නූතන කතාව


 

 

කෝට්ටේ (Kotte) වීදිය වීදිය බණ්ඩාර කුමරු යුධකාමියෙකු ලෙස ඉතිහාසය තුළ හරි ප්‍රසිද්ධය. හෙතෙම කෝට්ටේ (Kotte)  රජ කළ මායාදුන්න රජුගේ මහ සෙනෙවියාය. එමෙන් ම මනා කායික ශක්තියකින් හෙබි රණශූරයෙක් ද විය. ගුණවත් රූමත් රජකුමරියන් (Princesses) ඇසුරු කළ කඩවසම් (handsome) සෙනවියකු වුවද ඔහුගේ  පියඹ සමුද්‍රාදේවි කුමරිය පෘතුගීසි (Portuguese) සෙන්පතියකු හා හොර රහසේ පෙමින් වෙළුණු බවට සැකයක් විය. ඉන් කෝපයට පත් වීදිය බණ්ඩාර කුමාරයා සිය කුමරිය මරා දියවන්නා ඔයෙහි ගිල්ලූ බව ඉතිහාස කතාවයි…

මේ සිදුවීමෙන් අනතුරුව පස්දුන් කෝරළයේ පාලින්දනුවර පෙදෙසට පලාගිය වීදිය බණ්ඩාර කුමරු වෙනත් කුමරියක සරණ පාවාගත් බව ජනප්‍රවාදයේ සඳහන්ය. එම කුමරියට දරු සම්පත් අහිමි වීම ගැන කුමරු මහත් කනස්සල්ලට පත්විය. ඊට පිළියමක් සෙවූ කුමරුට ඊටම සුදුසු දක්ෂ වෙදදුරකු හමුවූ බවත්, එම ප්‍රතිකාරවලින් පසු කුමරිය නිවුන් දරුවන් දෙදෙනකු ලැබූ බවත් ඉන් උද්දාමයට පත් වීදිය බණ්ඩාර කුකුළේගම නම් ප්‍රදේශයෙන් මේ වෙද පරම්පරාව සඳහා ගම්වරයක් පූජා කළ බවත්ඉතිහාස කතා කරු කියයි…

සිංහල දේශීය වෙදකම (Sinhala indigenous medicine) හෝ පාරම්පරික ආයුර්වේද (Traditional Ayurveda) වෛද්‍ය ක්‍රමයේ අනුහස් හා බලය ගැන ඈත කාලයේ පටන් පැවත එන එවැනි කතාන්දර තිබේ. ඒවායින් පෑ විස්කම් හා හැකියාවන් සමහර විටක ඔබ මවිත කරවන තරම්ය. විවාහයෙන් පසු නිසි කළ දරු සිඟිත්තෙකු පිළිබඳ බලාපොරොත්තු ඉටු නොවීම තරම් යුවතියක් කම්පාවට පත් වන වෙනත් දෙයක් නැති තරම්ය. සුරතල් දියණියක හෝ පුතෙකු අතින් අල්ලා ගෙන පෙර පාසල වෙත ගෙන යන තරමේ සුන්දර ආඩම්බරයක් විවාහක තරුණ යුවතියකගේ යුග ජීවිතය තුළ තවත් තිබෙන්නට බැරිය. කොයි තරම් සිත් වශී කරන්නේ වුවද තරුණ මවකගේ පැහැපත් ගෙලත් ළැමත් පූජනීය වන්නේ පුංචි දරු පැටියකු එහි මුහුණ හොවා ගත් තරමටය. මොන තරමේ සුන්දර වුවද හීන්සැරෙ දරු නැළවිලි ගීයක් මුමුණණ දෙතොලක් තරම් ප්‍රිය තැනක් තවත් තිබෙන්නට බැරිය. ඒත් මේ වාසනාව නැති තරුණ විවාහක කාන්තාවන් ගැන අද බොහෝ විට අසන්නට ලැබේ.

අද තිබෙන දියුණු වෛද්‍ය විද්‍යාත්මක (Advanced medical science) පැත්තෙන්ද විවිධ උපදේශන ක්‍රම මඟින්ද එසේ නොහැකි වූ කල විවිධාකාර පුද පූජා ශාන්තිකර්ම ඔස්සේ පන්සල්, පල්ලි, කෝවිල් පිළිසරණ පතමින්ද මෙයට විසඳුම් සොයන තරුණ ජෝඩු කොතෙකුත් සිටිති. එහෙත් හෙම්බත් වන තුරු වසර ගණනාවක් මොන දේ කරත් දරුසම්පතක් ළඟා නොවන අයද ඒ අතර වෙති. කෙසේ වුවද බටහිර වෛද්‍ය විද්‍යාවෙන්ද (western medicine) ආයුර්වේද ප්‍රතිකාර (Ayurvedic treatment) ක්‍රම මගින් ද මෙවැනි විවාහක කාන්තාවන්ගේ දරු සම්පත පිළිබඳ බලාපොරොත්තු ඉටුකර නැතුවා නොවේ. හැම ගැහැනියකටම දරුවකු බිහිකිරීමේ හැකියාව හා වාසනාව තිබේ. මොන විධියකින් හෝ ඒ සතුට අහිමිව යන්නේ නම්, එය උදාකර ගැනීමේ කැපවීම හා උත්සාහය ඇය තුළ තිබිය යුතුය.

මී මැසි ජනපදයක පිලව් ලක්ෂ ගණනක් බිහි කරන එහි ‍රැජිණ අනුභව කරන රාජජල්ලි හෙවත් රෝයල් ජෙලි ඇසුරින්ද පරවන රෝස මල් පෙති මගින් සකසා ගන්නා කෂාය ක්‍රමවේදයක් මගින්ද හිමාලයේ ඇත් කඳ ලිහිණි වසුරු ලෙස මසකට වරක් මුහුදට හෙළන්නේ යැයි කියනු ලබන අම්බර නමැති වාජිකරණයක් අනුසාරයෙන් ද මේ වදභාවයට හා මදසරුභාවයට සොයන පිළියම ගැන පාරම්පරික ආයුර්වේදයේ (traditional Ayurveda) සදහන්ය. මේ කියන්නට යන්නේ නූතන ආයුර්වේදෙට (modern Ayurveda) ඒ විදිහටම පහළ වූ මහාර්ඝ නිධානයක් බඳු කතාවකි.

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ආචාර්ය සුදත් ගුණතිලක (Ayurvedic specialist Dr. Sudath Gunathilake) මේ සොයා ගැනීම කරන්නට මූලික වූ වෛද්‍යවරයා. ඔහු මා අර යට කී කුකුළේගම වෙද පරම්පරාවේ 07 වැනි පුරුක ලෙස වෛද්‍යකර්මයේ යෙදෙන්නෙකි. ඒ ප්‍රාතිහාර්‍යමය වෙද පරපුරේ නූතන උරුමක්කරුවා ඔහුය. නූතන බටහිර වෛද්‍ය විද්‍යාව (Modern Western Medicine) සමඟද පර්යේෂණ මට්ටමින් බද්ධ වී කටයුතු කරන පාරම්පරික වෛද්‍යවරයකු වන ඔහු පානදුර සුමංගල විද්‍යාලයේ පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයේ පළමු පෙළ ගෞරව සාමාර්ථයක් ලබා ගත්තේය. අනතුරුව පාරම්පරික ක්‍රමවේද ඉක්මවා යමින් මේ සම්බන්ධ විශේෂඥ දැනුම ලබා ගැනීමටද යුහුසුලු විය. ඒ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යෑමෙනි.කේරළයේ ‘අම්රිතා ඉන්ස්ටිටියුට් ඔෆ් මෙඩිකල් සයන්ස් ඇන්ඩ් රිසර්ච් යුනිවර්සිටියෙන් ස්ත්‍රී පුරුෂ වඳභාවය හා නාරි හා ප්‍රසව ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාව (Ayurvedic medicine) සම්බන්ධයෙන් ලත් විශේෂඥ උපාධියකින් (specialist degree) පරිපූර්ණව සිටින්නෙකි.

 

මේක හරි ලස්සන කතන්දරයක්. සාමාන්‍යයෙන් මම දැන් අවුරුදු 10 (10 years) කට වැඩි කාලයක ඉදන් වනාන්තරවල ඇවිදීම හා මුහුදේ කිමිදීම විනෝදයක් හැටියට කරනවා. මේකට නිමිත්ත වෙන්නේ වස්ගමුව කැලේදි වුණු සිදුවීමක්. මහා විශාල රූස්ස ගස් තියෙන පරිසරයකදි ඈතින් අපි දැක්ක අලි ඇතුන් විශාල පිරිසක් වසුරු හෙළනව. පස්සෙ ළඟට ගිහින් බැලුවාම ඒ වසුරු සමඟ දිවුල් ගෙඩි විශාල ප්‍රමාණයකුත් තිබුණ. ඒ උණු උණු වසුරු සහ දිවුල් ගෙඩි කීපයක් අරගෙන ආව. ඔය ජන වහරෙ කතාවටත් කියනවනෙ අලිය ගිල්ල දිවුල් වගේ කියල. සත්ව ලෝකයේ ඇතුන් යනු මුඛයේ කෙළවල ග්ලයිකොජන්(Glycogen) අධිකව ඇති සත්ත්ව කොට්ඨාශයක් වේ. ග්ලූකෝස් (Glucose) විශේෂ‍යක් වන ග්ලයිකොජන් (Glycogen) වලට ආහාර වල අඩංගු මේදය, සෙලියුලෝස් හා ෆයිබර් (Fiber) වැනි දෑ දිරවීම ඉතා පහසුය. එසේම ඒ ග්ලයිකොජන් (Glycogen) සත්ත්වයාගේ වසුරු සමඟද පිටවේ. මේ තත්ත්වය සමග වෛද්‍යවරයාගේ පර්යේෂණය ගැළපිණි.

එනම්,අධික තරබාරු (Overweight) හෙවත් මහත බී.එම්.අයි. අගය වැඩි කාන්තාවන්ගේ ඉණ සාමාන්‍යයෙන් අඟල් 40ට වැඩිය. ඊට හේතුව බඩේ තෙල්(මේදය) ප්‍රමාණය අධික වීමය. මේදය වැඩි තරබාරු කාන්තාවන්ගේ උදරයේ මේදවල ලිප්ටින්(Liptin) නම් හෝර්මෝනය නිපදවේ.මෙම ලිප්ටින් හෝමෝනය (Liptin hormone) මගින් කාන්තාවන්ගේ මාසික ආර්තව ක්‍රියාවලිය සිදු වන දින වලදී පිටියුටරියේ එල්.එච්. හෝමෝනය (L.H.hormone)වැඩි කරයි. එවිට ආර්තව ක්‍රියාවලිය සිදු නොවේ. ඒ නිසාම කාන්තාවන්ට දින 14 කදි පමණ ඩිම්බයක් නිකුත් කිරීමටද, මේ හෝමෝන වල පිළිවෙළක් නැති ක්‍රමය නිසා ඩිම්බ මෝචනයද(Ovulation) සිදු නොවේ. එවිට මෙම ඩිම්බ – ඩිම්බ කෝෂ තුළ සිරවී වතුර බුබුළු, දිය බුබුළු ලෙස ස්කෑන් පරීක්ෂණවලදී පෙනේ. නාරි වෛද්‍යවරු මෙය පී.සී.ඕ.ඩී.(PCOD) රෝග අවස්ථාව ලෙස හඳුන්වයි.

ඇත් වසුරු දක්වන ප්‍රතික්‍රියා මඟින් මීට පිළියමක් සෙවීම අපේ වෛද්‍යවරයාගේ ඉලක්කය විය. ඇත් වසුරුවල ග්ලයිකොජන් අගය ඉතා වැඩිය. විශේෂයෙන්ම සතා ආහාරයට ගන්නා ශාකවල ෆයිබර් (කෙඳි) කොටස් ඉතා ඉහළ අගයක් ගනි.මෙම ඇත් වසුරුවලට තෙල් දිය කිරීමේ ගුණයෙන් යුතු තවත් ඖෂධ (Medicines)වර්ග කීපයක් එකතු කොට තැවිලි පොට්ටනියක් නිර්මාණය කෙරිණ. මෙවැනි ස්ථූල (මහත) කාන්තාවන්ගේ බඩේ ඇති විශාල මේද තට්ටුව දිය කිරීමේ මහඟු බෙහෙතක් මේ මගින් සොයාගෙන තිබේ. උදරය කෙට්ටු වීම මගින් මාසික ආර්තව ක්‍රියාවලිය ක්‍රමවත් වී දරු පැටවකුගේ සිහිනය සැබෑ වීමට මේයින් මග පෑදෙයි. ඒ සඳහා වෛද්‍යවරයා කාන්තාවන්ගේ කුසේ තෙල් වර්ගයක් ආලේප කිරීමට උපදෙස් දී ඇත් බෙටි ඇතුළු ඖෂධ (Medicines) අඩංගු පොට්ටනිය මගින් තවා බෙහෙත් පත්තුවක් කුසේ ආලේප කිරීම මේ නව ආයුර්වේද සොයා ගැනීමයි.

වැදගත්ම දේ නම් මේ සම්බන්ධයෙන් පසුගිය කාලයේ වෛද්‍ය සුදත් (Dr. Sudat) පර්යේෂණ (research) කර තිබෙන්නේ නැදුන්ගමුවේ රාජා ඇතාගේ වසුරු මඟිනි. පසුගිය වසර ගණනාවක් මුළුල්ලේ මහනුවර පෙරහරේ දළදා කරඬුව වැඩම කළ පින්වත් නැදුම්ගමුව ඇත් රාජයා හිමි වෛද්‍ය හර්ෂ ධර්මවිජය අපේ වෛද්‍යවරයාගේ ඉතා කිට්ටු මිතුරෙකි. නැදුම්ගමුවේ ඇත් රාජා ජීවමානව සිටියදී දුන් ආහාර ද අතිශය ස්වභාවික මෙන්ම ඔහුගේ පැවැත්ම ද මහ වනයේ වෙසෙන ඇතකුගේ මෙන් සම තත්ත්වයේ ස්වාභාවික ක්‍රියාවලියකින් යුතුව තිබිණ. ඇත් වසුරුවල ඇති ෆයිබර් (Fiber) කෙඳි සහිත තත්ත්වය සහ ග්ලයිකොජන් කොටස් මෙම ප්‍රතිකාරයටට විශේෂ හේතුවක් වේ.

“ඕන කෙනෙකුට මා ආරාධනා කරනවා මේ ගැන පර්යේෂණ කරන්න. මේවා අපට තියෙන ස්වාභාවික සම්පත්. වෛද්‍ය විද්‍යාත්මකව ගත්තාම  පී.සී.ඕ.ඩී. වලට ඉතා හොඳ ඖෂධීයමය (Medicinal) ප්‍රතිකාර හෙළ වෙදකම සතුයි. මේ ප්‍රතිකාර ඩිම්බය විනිවිද ගොස් යුක්තාණුව සෑදීමට ප්‍රයෝජනවත් වෙනව. කාන්තාවන්ගේ ඩිම්බ මේරීමේ, පිපිරීමේ, වර්ධනයේ දුර්වලතාවලට මෙය හොඳ ඖෂධයක් බව පර්යේෂණ වලින් පැහැදිලිය.බටහිර වෛද්‍ය ක්‍රමයෙන් (western medicine) හෝ වේවා ආයුර්වේද (Ayurveda) වෛද්‍ය ක්‍රමයෙන් හෝ වේවා දරුවෙකු නැති කාන්තාවකට දරු සම්පත ළඟා කර දිය හැකි නම්, එය සුවිශාල පින්කමක් වන්නේය. මේ සොයා ගැනීමේ හෝ පර්යේෂණවල පේටන්ට් තබා ගැනීමට අපට අවශ්‍ය නැහැ. ජීවත්වන කාලය තුළ රටේ මිනිසුන්ට උපරිම සේවයක් කිරීමයි වැදගත්. මේ සේවය රෝගීන්ට ලබාදීමට අප සූදානම්.මා ළඟට පැමිණි බොහෝ කාන්තාවන්ට මේ අනුසාරයෙන් කළ ප්‍රතිකාරවලින් සඵලතාව ඇති කර දෙන්නට හැකි වුණා.

අනෙක් පැත්තෙන් රජය ආයුර්වේදය (Govt Ayurveda) සම්බන්ධයෙන් පර්යේෂණ මට්ටමේ මැදිහත්වීමක් කරනවා නම් එයට සහාය දීමට අප කිසිසේත් පැකිළෙන්නේ නැහැ…”

නවීන ස්කෑන් තාක්ෂණයද (Modern scanning technology) රුධිර පරීක්ෂණද උපයෝගී කර ගනිමින් ප්‍රතිකාර කරන වෛද්‍යවරයා හෙළ වෙදකම මැනැවින් නූතනයට ගළපා සිටින්නෙකි. ගම්පහ වෙද මහතා යැයි ප්‍රසිද්ධ පියා වන ගුණතිලක වෙද මහතා කළ වසර 100කට ආසන්න කාලයක් පැවත එන අලුත්ගම ධර්ගා නගරයේ ඉපැරණි ආයුර්වේදීය වෙදහල අදත් ජනතාව සඳහා විවෘතය. කොළඹට නොදුරු නාවින්න මහරගමදී 0114367636,0774957636  අංකෙන් ඔබට වෛද්‍ය සුදත් ගුණතිලක (Dr. Sudath Gunathilake) මහතා චැනල්  කරගත හැකිය.

ආයුර්වේදයේ (In Ayurveda) ඉතිහාසය බුද්ධ කාලයටත් වඩා ඈතට දිව යන්නේය. තථාගතයන් වහන්සේ මිනිසුන්ගේ සංසාරගත දුකට නිවන නමැති සදාතනික පිළියම සොයාගන්නා විට ඒ තත්ත්වයට පත් වන්නට නොහැකි එහෙත් සත්‍ය සෙවීමේ විවිධාකාර පරිශ්‍රම දරමින් සිටි යෝගීහු හා සෘෂිවරු එකල භාරතයේ විසූහ. බුද්ධත්වයට ළංවිය නොහැකි එහෙත් යම් යම් ආකාරයෙන් සිත දියුණු කළ මේ ධ්‍යානලාභීහු තමන් ජීවත් වූ වනගත පරිසරයේ ගහ කොළ මුල් පැළෑටි ඇසුරින් මිනිසාගේ ශරීරගත ලෙඩදුක් වලට පිළියම් සොයා කළ ඒ ඥාන ගවේෂණය ආයුර්වේදය ලෙසින් බිහිවිණැයි මතයක් තිබේ.

ඒ නිසාම පාරම්පරික ආයුර්වේද (Traditional Ayurveda) යනු සොබාවාදයෙන් මිනිස් ලොව ජයගත් අනාදිමත් කාලයක සිට මේ ලක් ධරණි තලය මත තිබෙන උසස් මනුෂ්‍ය අභ්‍යාසයකි. එයට පිළිගැනීමක් ලබාදිය යුතුය. ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතුය. ආයුර්වේදය පැත්තෙන් කාලයක් මේ ඉල්ලීම පවතී. මේවා පර්යේෂණ මට්ටමින් තහවුරු කරගෙන ජාතික සෞඛ්‍යයට ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගත යුතුය.

ආයුර්වේද සර්වාංග රෝග වෛද්‍ය සුදත් ගුණතිලක මහතා,
බදාදා සහ සෙනසුරාදා හවස 4.30ට.
නාවින්න මෙඩිකෙයා රෝහලේදී හමුවිය හැක.