පිළිකාව

පිළිකාව

නාවින්න මෙඩිකෙයා රෝහලේ වෛද්‍ය සරත් රත්නායක මහතා සමග පිළිකා රෝගය සම්බන්ධව පැවැත්වූ සාකච්ඡාවේ වීඩියෝ පටය පහත ලින්ක් එක මාර්ගයෙන් නැරඹිය හැකිය.


  • ශරීරයට අනවශ්‍ය සෛල ගොනුවක් (file of cells) නිර්මාණය වීම ලෙස හැඳින්වීමට හැක.
  • එම සෛල ගොනු (Cell files) සෑදෙන ස්ථානය හා වර්ගය අනුව පිළිකා (cancer) වර්ග ඇත.
  • පිළිකා යනු භයානක රෝගයක් වන අතර ඇතැම් දරුණු පිළිකා ඉතා වේගයෙන් පැතිරේ.
  • පිළිකාව පැතිරෙන ආකාර කිහිපයක් පවතී.

රුධිරය මගින්

වසා නාල මගින්

අස්ති පටක මගින්

  • රුධිරය හා වසා නාල මගින් පිළිකාව පැතිරීම ඉතා වේගයෙන් සිදුවේ.
  • පිලිකා රෝගයේ රෝග ලක්ෂණ රෝගය පැතිරී ඇති ස්ථානය අනුව වෙනස් විය හැක.
  • පිළිකා රෝග තත්ත්වය පරික්ෂා කර ගැනීම සඳහා පරික්ෂා කිහිපයක් ඇත.

පියයුරු පිළිකා

  • පියයුරු ආශ්‍රිතව ගැටිත්තක් හෝ කිහිලි ආශ්‍රිතව කුද්දැටි ඇතිවීම සිදුවේ.
  • අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණයක් කිරීම මගින් පරික්ෂා කර ගත හැකි අතර හැකි අතර අනතුරුව මෙමොග්රෑම් පරීක්ෂණයක් මඟින් ස්ථීර කරගත හැක.

බඩවැල් ආශ්‍රිතව ඇතිවන පිළිකා

  • බඩ පුරවා දැමීම,ආහාර අරුචිය රෝග ලක්ෂණ වේ.
  • අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන්,මල පරීක්ෂණ,ESR,CEA පරීක්ෂණ මගින් පරික්ෂා කර ගත හැකි අතර CT පරීක්ෂණයක් මඟින් අන්ත්‍ර කොටස් පරික්ෂා කිරීමෙන් ස්ථීර කර ගත හැක.

මොලය ආශ්‍රිත පිලිකා

  • පෙනීම වෙනස් වීම,අධික හිසරදය,කැරකිල්ල,වලිප්පුව,උදෑසන අවදි අවදි වීමේ දී වමනය රෝග ලක්ෂණ වේ
  • Examination,CT,MRI පරීක්ෂණ මගින් පරික්ෂා කර ගත හැකි අතර Biopsy පරීක්ෂණ මගින් ස්ථානය තහවුරු කරගත හැක.

නාවින්න මෙඩිකෙයා රෝහලේ වෛද්‍ය සරත් රත්නායක මහතා විසින් ඉහත කරුණු පිළිබඳ අර්ථවත් නිර්වචනයක් සිදු කරන වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න.