මසකට වරක්වත් යෝනි ප්‍රදේශය ස්වයං පරීක්ෂාවකට ලක් කළ යුතුයි
යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන තුවාල නිසා බොහෝ කාන්තාවන් ඉතා අමිහිරි සහ පීඩාකාරී අත්දැකීම් වලට මුහුණ දෙන බව ප්‍රකට කරුණකි.ලිංගිකආශ්රිත බෝවන රෝග,බැක්ටීරියා අසාදන, අසාත්මිකතා හෝ වෙනත් කායික රෝග නිසාත් මෙවැනි තුවාල හට ගනි.නමුත් ලැජ්ජාව සහ බිය නිසා බොහෝ දෙනා මෙවැනි තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන ප්‍රමාණය සාපේක්ෂව අඩුය.කෙසේවෙතත් මෙවැනි තුවාල වලට වේලාවට නිසි ප්‍රතිකාර නොකළහොත් පසු කාලීනව ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගැනීම අපහසු වනු ඇත. ලිංගාශ්‍රිත රෝග පිළිබඳ (Specialist in STDs) විශේෂඥ වෛද්‍ය I.Lජයවීර මහතා (Specialist Dr. I.L Jayaweera) මෙවර ඔබට පහදා දෙන්නේ ඒ සම්බන්ධයෙන් වැදගත් වන කරුණු කිහිපයකි.
යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන තුවාල මොන වගේද?
(What are vaginal lesions like?)
යෝනි මාර්ගයේ අභ්‍යන්තරයේ, යෝනි මාර්ගය අවට හෝ යෝනි තොල් මත (Around the vulva or on the labia) එසේත් නැත්නම් ගුද මාර්ගය (The rectum) ආශ්රිත මේ තුවාල තියෙනවා.මේවා ගැඹුරු තුවාල නැත්නම් කුඩා කැපුම්,සීරිම් (Cuts, scratches) වෙන්නත් පුළුවන්. මේ කියන තුවාල රතු වෙලා ඉදිමිලා සැරව ගලන අවස්ථා තියෙනවා.
මේ තුවාල වේදනාකාරී ද?
(Are these wounds painful?)
අතිශය වේදනාකාරී තුවාල (Very painful injuries) වගේම කිසිම වේදනාවක් නොදැන තුවාලත් තියෙනවා.තුවාලය ස්වභාවයන් වේදනාකාරී වේ නැද්ද කියන කාරණය තීරණය වන්නේ තුවාල ඇතිවෙන්න බලපාන කාරණා මතයි.
මොනවද හේතු?
(What are the reasons?)
ලිංගාශ්‍රිත බෝවන රෝග තමයි යෝනි තුවාල ඇතිවෙන්න බලපාන සුලබම හේතුව.ඊට අමතරව ශරීර අභ්‍යන්තරයේ ඇතිවන කායික රෝග, (Physical diseases) යෝනි මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාත්මිකතා සහ බැක්ටීරියා විවිධ ආසාදන මේ සඳහා හේතු වෙනවා.
යෝනි මාර්ගයේ තුවාල ඇති කරන ලිංගාශ්‍රිත රෝග මොනවාද?
(What are the STDs that cause vaginal sores?)
ලිංගික හර්පීස්,(Genital herpes) උප දඟය තමයි යෝනි තුවාල දිවෙන ප්‍රධාන ලිංගාශිත රෝග ද්විත්ව වෛද්ිට්ඨ වෛද්‍ය වාර්තා වලට අනුව 2019 වර්ෂයේ හර්පීස් (Herpes) නිසා ඇති වුණ තුවාල වලට කාන්තාවන් 1938 ක් පමණ ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා ඊට අමතරව,ලිංගික ඉන්නන් ලිංගාශ්‍රිත පණ ගෝරි ලිංගාශ්‍රිත උකුණන් (Genital lice) වගේ තත්ත්වයන් නිසා ඇතිවන කසන සුළු ස්වභාවයන් යෝනි ප්‍රදේශයේ තුවාල (Vaginal lesions) වීම් සීරිම් හේතු වෙනවා. මෙතනදී අපි තුවාලය (the wound) වේදනාව ගැන කතා කළොත් වගේ තත්ත්වයන් නිසා ඇතිවන තුවාල වේදනාකාරී නැහැ. නමුත් හර්පීස් (Herpes) වගේ රෝග නිසවුණාට පස්සේ අපි ඔහුගේ සහකාරියක් එන්න කියලා යෝනි මාර්ග ආශ්රිත තුවාල (Vaginal lesions) තියනවද කියලා අහලා බලනවා එහෙම වෙලාවට බොහෝ කාන්තාවන් ඉන්නේ එවැනි තත්ත්වයක් නැහැයි කියලා මත නමුත් යෝනි මාර්ගය (Vaginal passage) පරීක්ෂාවට ලක් කරාට පස්සේ තුවාල තිබෙන බව පැහැදිලි වෙනවා ඒ නිසා මාසෙකට සැරයක් දෙසැරයක් ලිංගික ප්‍රදේශයන් (Genital areas) පරීක්ෂාවට ලක් කරන එක හොඳ පුරුද්දක් හර්පීස් (Herpes) තුවාලෙකට පස්සේ දෙවනියට වැඩිපුරම තිබෙන යෝනි තුවාල (Vaginal lesions) හඳුන්වන්නේ ලිංගාශ්‍රිතව බෝ නොවන තුවාල (Non-infectious genital lesions) කියලත් හඳුන්වනවා. සම්බන්ධක පටක ආශ්‍රිතව ඇතිවන රෝග සහ ආහාර මාර්ගය ආශ්‍රිතව ආසාත්මිකතා හේතුවෙන් හටගන්නා යෝනි තුවාලත් මේ බොහෝ පිරිසුදුකාරක සුවඳ විලවුන් (Perfume) යට ඇඳුම් සේදීමට භාවිතා කරන සේදුම්කාරක වැනි දෑ නිසා ඇතිවන ආසාත්මිකතා නිසාද යෝනි මාර්ගයේ තුවාල (Vaginal lesions) ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ම දිලීර (fungus) ආසාදන මෙයටම අයිතිය. ලිංගාශ්‍රිත ප්‍රදේශයේ කැසීමක් (Itching in the genital area) ඇති වෙනවා යෝනි මාර්ගය සම ඉතා සියුම් (Vaginal skin is very delicate) නිසා නිතර නිතර එය ස්ථාන ගැසීමට යාම නිසා තුවාල සිදු විය හැකියි. ඒ වගේම කියන්න ඕන යෝනි මාර්ගය පිරිසිදු කීමට භාවිතා කරන පිරිසුදුකාරක සුවඳ විලවුන් (Perfume) ඇඳුම් සේදීමට භාවිතා කරන සේදුම්කාරක වැනි දෑ නිසා ඇතිවන ආසාත්මිකතා (allergy) නිසාත් යොනි මාර්ගය තුවාල (Vaginal lesions) ඇති වෙන්න පුළුවන්. මෙවැනි තුවාල ඇති වෙන්න වැඩි අවදානමක් තියෙන්නෙ කාටද වයස් භේදයකින් තොරව ලිංගාශ්‍රිත තුවාල (Genital injuries) ඇති වෙන්න පුලුවන්. නමුත් ලිංගාශ්‍රිතව සක්‍රිය කාන්තාවන් සහ අනාරක්ෂිත ලිංගික එක්වීමට යොමුවන කාන්තාවන් මේවා ඇතිවීම වැඩි ඉඩක් තිබෙනවා. මේ තුවාල පිරිසිදු කරන්න විදිහක් තියෙනවද ශරීරයේ අනෙකුත් ස්ථානවල තිබෙන තුවාල පිරිසුදු කිරීමට යොදන පිරිසුදුකාරක හෝ ඒවාට ආලේප කරන ඖෂධ (Medicines) යෝනි මාර්ගයේ කිසිම විදිහකින් ආලේප නොකළ යුතුයි, කියන කාරණාව ප්‍රථමයෙන්ම කියන්න ඕන ඒ වගේ ම මේ තුවාල ස්පර්ශ කිරීම කැසීම වගේ දේවලින් වැළකීම වැදගත්. ඒ වගේම විසබීජ නාසක වලටත් සැර සබන් වර්ග වත් යොදන්න එපා. ඒ වෙනුවට තනුක ලුණු (Diluted salt) ද්‍රාවණය ගෙන ලිංගාශ්‍රිත ප්‍රදේශයේ සෝදන එක හොඳයි. වතුර ලීටරයකට ලුණු කුඩු (salt powder) තේ හැඳි දෙකක් මිශ්‍ර කරලා මේ ද්‍රාවණය සකස් කරගන්න පුලුවන්. තුවාල ගොඩක් තිබෙනවා නම්, වතුර බේසමකට හෝ බාත් ටබ් (Bath tub) එකට ලුණු එකතු කරල ඒකට බැහැලා ඉන්න එකත් හොඳයි. මේ විදියට ලුණු වතුරෙන් (salt water) සෝදලා යෝනි මාර්ගය (Vaginal passage) තෙතමාත්තු නොකර ඉබේම වියළෙන්නට ඉඩ හැරිය යුතු. ඒ වගේම කපු රෙදිවලින් මැසූ යට ඇඳුම් පමණක් භාවිතය වැදගත්. යෝනි මාර්ගය ආශ්‍රිතව (Vaginal passage) තුවාල වලට ප්‍රතිකාර නොකර හිටියොත් මොකද වෙන්නේ? ආසාත්මිකතාවයක් හෝ ගැටලුකාරී නොවන විෂබීජයක් (germ) නිසා ඇති වූ තුවාල දින කිහිපයකින් ඉබේම සුව වීමට ඉඩ තිබෙනවා. නමුත් ලිංගික රෝග (Sexual diseases) සහ දිලීර (fungus) ආසාදනය එසේ සුව වන්නේ නැහැ. සමහර තුවාල දිගින් දිගටම වර්ධනය වෙලා ලිංගාසිත ප්‍රදේශය පුරාවට පැතිරෙන්න පුළුවන්. ඒ වගේම ශරීර අභ්යන්තරටත් මේ තත්ත්වය පැතිර වුනොත් මුත්‍රා කිරීම පවා අපහසු විය හැකියි. නොසැලකිලිමත් බවත් ලැජ්ජාව නිසා බොහෝ කාන්තාවන් රෝගයේ මූලික අවස්ථාවේදී ප්‍රතිකාර වෙත යොමු වෙන්නේ නැහැ. මෙවැනි කාන්තාවන් අවසානයේ දී ප්‍රතිකාර පැමිණෙන විටත් තුවාල සැරව ගලන විශාල වන බවට පත්ව තිබෙනවා. ලිංගාශ්‍රිත තුවාල වලට ප්‍රතිකාර කිරීමට යාමේ දී අවධානය යොමු කළ යුතු විශේෂ කාරණා මොනවාද? ඔහු මෙතැනදී කියවූ වැදගත්ම කාරණාව තමයි ලිංගාශ්‍රිත තුවාලයක් තිබෙනවා නම් ලිංගාශිත රෝග පිළිබඳ වෛද්‍යවරයකු වෙත යොමු වෙන්න. මාසික රෝග නිසා වන තුවාල ප්‍රතිකාර කිරීමට ඕනෑම වෛද්‍යවරයකුට හැකියාවක් තිබෙනවා. නමුත් තුවාල සුව වූ පමණින් රෝගය සුව වූ බව සිතන්නට එපා. රෝගය සුව කිරීමට හැකියාවක් නෑ. නමුත් තත්ත්වය මැනවින් පාලනය කළ හැකි. එසේ නොකිරීමෙන් අවුරුදු ගණනාවකට පසු වුණත් හෘදයට (to heart) සහ මොළයට (to the brain) බලපෑම් ඇතිවිය හැකි. මෙතැනදී මතු කළ යුතු තවත් කාර්යයක් තියනවා . ලිංගික රෝගයක් (Sexual diseases) තිබෙන අයෙකුට තවත් ලිංගාශිත රෝග කිහිපයක් ම තිබිය හැකි. ඒ නිසා මෙවැනි තත්වයකදී නිසි වෛද්‍ය උපදෙස් පරීක්ෂණ සහ ප්‍රතිකාර (treatment) ලබාගැනීම වැදගත්. ඒ වගේම මෙවැනි රෝගයකින් ඇතිවන මානසික සහ පවුල් ගැටලුවලට (Mental and family problems) නිසි උපදෙස් ලබා දීමට හැක්කේ ලිංගාශිත රෝග පිලිබද වෛද්‍යවරුන්ට පමණයි. යෝනි මාර්ගයේ (vagina) තුවාල ඇතිවී තිබෙන විටකදි වෛද්‍යවරයෙකුට යොමු උනාට පස්සේ වෛද්‍යවරයා ඒ කාන්තාවන්ගේ සායනික ඉතිහාසය තුවාල ආශ්රිත නියැදි සහ රුධිර පරීක්ෂාවට ලක් කරලා මේ තුවාල ලිංගික රෝගයක් නිසා ඇති වූ තුවාල ද නැතහොත් වෙනත් තත්වයක් නිසා ඇති වුව ද යන්න නිගමනය කරලා නියමිත ප්‍රතිකාර වෙත යොමු කරනවා. මෙවැනි ගැටළු සඳහා යූටියුබ් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය වල පෙනී සිටින කිසිදු වෛද්‍ය සුදුසු කමක් නොමැති අයුරින් කියා දෙන ප්‍රතිකාර නිවසේදී අත්හදා බැලීමට යොමු වන කාන්තාවන් ඉන්නවා. එවැනි සිදුවිම් සිදුවන්නේ තත්ත්වය තව තවත් ගැටලුකාරී වීම පමණක් බව අවසාන වශයෙන් කියන්න ඕනේ.
ආයුර්වේද සර්වාංග රෝග වෛද්‍ය සුදත් ගුණතිලක මහතා,
බදාදා සහ සෙනසුරාදා හවස 4.30ට.
නාවින්න මෙඩිකෙයා රෝහලේදී හමුවිය හැක.