වැඩිමල් වියට පත් ගැහැණු ළමයි

කෙලි පොඩිත්තී ලොකු වෙලා විවාහයත් ලං වෙලා  


පුංචි ම පුංචි කලලයක් දවසින් දවස වැඩිලා මාස නමයකුත් ගෙවිලා හිරාන්යටයි  සේමිතටයි රෝස කැකුලක් වගේ හුරුබුහුටි දුවක් ලැබුණා. දුවක් කියන්නම අනාගතයේ දරුවකුට ජීවය දෙන තැනැත්තියක් මේ නිසා ගැහැණු දරුවකුට කුඩා කල සිටම පෝෂණයෙන් සන්නද්ධ වූ අයෙකු විය යුතුමයි.  හිරාන්‍යාගෙයි සේමිතගෙයි පුංචි දෝණි   දැන් තාරුණ්‍යයේ අසිරිය විදින සුන්දර රුවැත්තියකි. උසස් අධ්‍යාපනය නිම කළ ඇය පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණිය රැකියාවක නිරතව සිටියදී ඇගේ හිත් ගත් තරුණයෙකු පිළිබඳ තව මව දැනුවත් කරන්නට අමතක කලේ නැහැ කවදාවත් කිකරු දියණියක්ව  සිටින බිඟුනිගේ කැමැත්ත හට ඉඩ හසර ලබා දෙමින් එම තරුණයාට නිවසට ආරාධනා කළා.

තවත් සති කීපයකට පසු ඒ පුතු ගේ පවුලේ උදවියත් නිවසට ගෙන්වා ගන්නට සේමිතත් හිරනයාත් කටයුතු කළාය.බිගුනිගේ සහ තිසෙන්ගේ ගතිගුණ උගත්(Educated),බුද්ධිමත්(intelligent),බව කෙරෙහි දෙපාර්ශවයේ  මාපියන් තුළ ඇති වූ මනා පැහැදීමකි.මේ දියණිය සහ  ඔවුන්ගේ ආදර සබඳතාව ඇරඹූ මුල්ම කාලයේදී තැලසිමියා (Thalassemia)රෝගය සඳහා වන රුධිර පරීක්ෂාව (blood test) ද කරගෙන තිබීම දෙපාර්ශවයේ  මාපියන්ගේ පැසසුමට ලක්වූ කරුණක් විය. මාපියන්ගේ ආශිර්වාදය හිමි වූ පසු ඔවුන් විවාහය සඳහා  දින නියම කර ගන්නට විය.

පවුල් උපදේශන සේවාව

මෙහිදී මාපියන් අවදානයට යොමු කළේ කතෝලික (Catholic) දේවස්ථාන පවත්වන පවුල් උපදේශන සේවාව සඳහා විවාහ වීමට අපේක්ෂා කරන දරුවන් සහභාගී කරවීමේ වැදගත්කම පිළිබඳවයි .තිසෙන් එම වැඩසටහන් සඳහා ගරු කරමින් එම වැඩසටහන සඳහා සහභාගී වුයේ සතුටිනි මෙවැනි වැඩ සටහන් සඳහා බෞද්ධ (Buddhist) හින්දු (Hindu) ඉස්ලාම් (Islam) පවුල්වල විවාහ අපේක්ෂිත යුවළ වලට සහභාගි වීම ලැබීමට මහඟු අවස්ථාවකි මෙවැනි වැඩසටහන් සඳහා සහභාගි වීමට හැකිවීම පිළිබඳ බොහෝ පිරිසක් දැනුවත්ව නොමැති තරම් එහිදී ගැටලු අවම කර ගනිමින් සාමයෙන් සමාදානයෙන් පවුල් ජීවිතයක් පවත්වාගෙන යෑම සඳහා සැමියා හා බිරිය දෙදෙනාම සතු යුතුකම් වගකීම් ආදිය පිළිබඳ මනා උපදේශනයක් ලබා දෙයි. විවාහ මංගල උත්සවය සඳහා දින නියම කිරීමේ දී දියණිය ඔසප් වීමේ (Menstruation) දිනය පිළිබඳ සලකා බැලීම වැදගත් කරුණකි. ඔවුන්ගේ ජීවිතයේ සදානුස්මරණීය දිනය චමත්කාරජනක අන්දමින් ගෙවා දැමීමට ඔසප් (Menstruation) දින පසු කරමින් ඔසප් වීමට පෙර දින යොදාගැනීම පිළිබඳව සිතන්නේ මෙහි දියණිය සහ පුතු සමඟ විවෘතව කතා කිරීමට මග පාදා ගන්න විවාහ වූ අලුත්ම දරුවන් හදනවා ද තවත් මාස කීපයක් වසරකට දරු පල පමා කරනවාද යන්න පිළිබඳ විවාහ වීමට අපේක්ෂා කරන (Looking to get married) යුවළ එකඟතාවයට පැමිණීම අතිශය වැදගත් කරුණකි. උපත් පාලන උපදෙස් සතුට දෝර ගලා යන මධුසමයක් සඳහා උපත් පාලන උපදෙස් ලබා ගැනීම ලබාගැනීම වැදගත් වන්නකි මධුසමයේ (honeymoon) බලා පිටත්ව යෑමට අපේක්ෂා දල්වා සිටින යුවළක් හෝ දරුවන් නොලැබූ අලුත් විවාහ යුවලක් තම උපත් පාලන පෙති (Birth control pills) නික්ශේපන(Injection) භාවිතා නොකරන්න. වඩාත් සුදුසුම ක්‍රමය නම් විවාහ වීමට පෙර මස සිට උපත්  පාලන පෙති (Birth control pills)පාවිච්චි කිරීම හෝ එකතු වන දින උපත් පාලන කොපු (Condom) භාවිතයයි උපත්පාලන කොපු භාවිතය මුල්කාලයේ කරදරකාරී විය හැකි නිසා දිනපතා භාවිතා කරන පෙති වර්ග යකට යොමුවීම බුද්ධිමත් කාරණයකි. තවද ෆාමසි වල  අනපේක්ෂිත එකතුවීමකදී භාවිතා කරන උපත් පාලන පෙති (Birth control pills) කිසිවෙක් භාවිතා නොකරන්න

ඉන්ද්‍රියන්ගේ පිරිසුදුකම

විවාහ දිවියට එළඹෙන දියණියට ඇයගේ පුද්ගලික ශරීර ඉන්දියන් අවට පිරිසිදුව හා ප්‍රසන්න තබා ගැනීමට උපදෙස්  දෙන්න එම ප්‍රදේශයන් අවට පිරිසිදුව හා අප්‍රසන්න ගන්ධයන් (Unpleasant odors) හා දහඩිය ගඳ ආදි පැවතිය හැකිය චර්ම රෝග වෛද්‍යවරුන්ට (dermatologists) මෙන්ම දක්ෂ දේශීය වෛද්‍යවරුන්ට (skilled local doctors) ඒවා සුවපත් කළ හැකිය. පුද්ගලික ස්වස්ථතාව ඉතා වැදගත් වේ.

දියණියගේ කන්‍යාභාවය

කන්‍යාභාවය (virginity) පිලිබද ගතානුගතික ලෙස පළමු එක්වීමේදී රුධිර ගැලීමක් පෙන්නුවෙ සියයට 60ක් වැනි ප්‍රතිශතයකටයි සියයට 40ක් පමණ එකතු වීමකදී තවත් ඉතාම අඩු ප්‍රතිශතයකට දරුවකු බිහි කරන විටද කන්‍යාපටලය (Hymen) කැඩී යා හැකිය. දියණියගේ පාරිශුද්ධභාවයට කන්‍යාපටලය (Hymen) හේතු සාධකයක් නොවේ. තම දියණිගේ ප්‍රථම රාත්‍රිය සැහැල්ලු මනසකින් එකතු වන්නට උපදෙස් දෙන්න  ආසියානු රටවල ප්‍රජනනය (Reproduction in Asian countries) පිළිබඳ ඇති දනුම අඩුකම නිසා දියණිය ප්‍රථම එක්වීමේදී බියක් දක්වයි. ඒ නිසාම උකුලු ප්‍රදේශ‍යේ පේශී තද කිරීමෙන් ලිංගිකව එකතු වීම ද අපහසු වේ.(Sexual intercourse is also difficult.)ඇතැමුන්ට පළමු දිනම ඒ කර්තව්‍ය අප්‍රසන්න වේ.ඒ පළමු රාත්‍රිය තම සහකාරිය සමග සුහදව මිත්‍රශීලීව එම සුසංයෝගය සහයෝගයෙන් කිරීමට වගබලා ගන්න.

ආයුර්වේද සර්වාංග රෝග වෛද්‍ය සුදත් ගුණතිලක මහතා,
බදාදා සහ සෙනසුරාදා හවස 4.30ට.
නාවින්න මෙඩිකෙයා රෝහලේදී හමුවිය හැක.