සංසර්ග වේදනාවට ප්‍රතිකාර නොකළොත් පවුල් අවුල් වෙනවා මේක කාලයත් එක්ක හොඳ වෙන්නේ නෑ

සංසර්ග වේදනාවට ප්‍රතිකාර නොකළොත් පවුල් අවුල් වෙනවා මේක කාලයත් එක්ක හොඳ වෙන්නේ නෑ


වේදනාකාරී සංසර්ගය හෙවත් Dyspareunia හේතුවෙන් කායිකව සහ මානසිකව පීඩාවට පත්වන කාන්තාවන් බහුලය.පවුල් ජීවිත අවුල් කරන සංසර්ග භීතිකාව පවා Dyspareunia යටතට වැටෙන රෝග තත්ත්වයක්ය.  ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයවීර මහතා අද කතා බහ කරන්නේ මෙම රෝගාබාධය ට හේතු, ඒ වළක්වා ගැනීමේ වැදගත්කම සහ ප්‍රතිකාර විධි පිළිබඳවය.

සංසර්ග වේදනා හට ගන්නේ ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථා වලද?

නැහැ සංසර්ග වේදනා සංසර්ගයට පෙර සංසර්ගය අතර එහෙම නැතිනම් සංසර්ගයෙන් පසු ඇති වෙන්න පුළුවන් මේවා දීර්ඝ කාලයක් පවතින එහෙමත් නැතිනම් නැවත නැවත ඇතිවන වේදනාවන් වෙන්නත් ඉඩ තියෙනවා.

කාන්තාවට මේ  වේදනාව දැනෙන්නේ කොයි විදිහටද?

ආකාර දෙකකට මේ වේදනාවන් දැනෙන පුළුවන් එකක් තමයි ඇතුළු කිරීමේදී  ඇතිවන වේදනාව උදාහරණයක් විදිහට යෝනි මාර්ගයට බාහිර යමක් ඒ කියන්නේ පුරුෂ  ලිංගය එහෙම නැතිනම් අභ්‍යන්තර ස්කෑන් පරීක්ෂණ උපකරණයක් වගේ දෙයක් ඇතුළු කිරීමේදී දැවිල්ලක් වගේ වේදනාවක් නැතිනම් තියුණු යමකින් අනිනවා වගේ වේදනාවක් දැනෙන්න පුළුවන් . ඒ වේදනාව ලිංගික සබඳතාවෙන් පැය ගණනාවකට පසු වුණත් පවතින ඉඩ තිබෙනවා. අනිත් එක තමා ගැඹුරු වේදනාව ඒක යටිබඩේ ඉඳලම ලිංගික ප්‍රදේශය පුරා පැතිර වේදනාවක්

ඔය කිව්ව පළවෙනි එක ඒ කියන්නේ ඇතුලු කිරීමේදී වේදනාව ඇති වෙන්න හේතු මොනවාද?

ඒකට හේතු කීපයක්ම බලපානවා අපි හිතමු එක්තරා  පුරුෂයෙක් ලිංගික සහකාරිය ගේ ලිංගික හැඟීම උද්දීපනය නොකර ඒ කියන්නේ පෙර ආලිංගනයක් නොකර ලිංගික සංසර්ගයේ යෙදෙන්නට උත්සාහ කරනවා කියලා ලිංගික උද්දීපනයක් සිදු නොවන විටදී  කාන්තාවකට යෝනි ශ්‍රාවයන් ශ්‍රාවය වෙන්නේ නෑ එවිට යෝනි මාර්ගයේ ලිහිසි ස්වභාවයක් නොමැති නිසා ශිෂ්ණය ඇතුලු කිරීමේදී  කාන්තාවට වේදනාවක් ඇති වෙනවා ඒ වගේම ආර්තවහරණය නිසා ඊස්ට්‍රජන්  හෝමෝනය අඩුවීම වූ  කාන්තාවකට දරු ප්‍රසූතියක් සිදුකළ හෝ කිරි දෙන මවකට මේ තත්ත්වයන් ඇතිවෙන්න පුළුවන් ඒ වගේම පීනස් තත්වයකට, අධි රුධිර පීඩනයට සහ උපත් පාලනයට ගන්නා ඖෂධ නිසාද, යෝනි මාර්ගයේ  වියලි බවක් ඇතිවීම නිසා මේ වේදනා ඇති වෙන්න පුළුවන් .

ලිංගාශ්‍රිතව ඇතිවුණු හදිසි අනතුරු සැත්කම් දරු ප්‍රසූතියේදි සිදුකළ සැත්කම් විතරක් නෙවෙයි ලිංගාශ්‍රිත ප්‍රදේශයේ ඇති ඇතිවූ ආසාත්මිකතා, ආසාදන ,සමේ රෝග වැනි දේවලුත් ඇතුළු කිරීමේ වේදනාව ඇති වෙන්න බලපාන අවස්ථා තියෙනවා.මානසිකව බලපාන යම් යම් තත්වයන් නිසා ඇතුළු කිරීමේ වේදනාවක් දැනෙන්නෙ ඉඩ තිබෙනවා. ඒ තත්ත්වය තමයි අපි සංසර්ග භීතිකාව කියලා හඳුන්වන්නේ

එතකොට ගැඹුරු වේදනාව ඇති වෙන්න බලපාන හේතු මොනවාද?

ඒකට ශ්‍රෝණි ප්‍රදේශයේ ඇති වෙන රෝගී තත්ත්වයන් බලපාන්න පුළුවන්. ගර්භාෂ ගෙඩි ශ්‍රෝණි ආසාදන එන්ඩොමෙට්‍රියෝසිස් එවැනි රෝග කිහිපයක්. ඒ වගේම කලකට පෙර ශ්‍රෝණි ප්‍රදේශයේ සිදුකළ සැත්කම් නිසා ඇතිවන සංකූලතා නිසාත් පිළිකාවලට සිදුකරන සිදුකරන radiotherapy නිසා යටි බඩේ තද වේදනා එන්න පුළුවන්.

කලින් සඳහන් කළ Vaginismus ගැන තවදුරටත් පැහැදිලි කළොත්?

Vaginismus කියන තත්ත්වය ලංකාවේ කාන්තාවන් 7% කට වගේ ප්‍රමාණයකට තියෙන්න පුළුවන් කියලා යම් යම් සමීක්ෂණවලින් ගණන් බලලා තියෙනවා. මෙතනදී වෙන්නේ යෝනි මාර්ගයට බාහිරින් යමක් ඇතුළු කිරීමට  උත්සාහ කරනකොට කාන්තාවගේ පාලනයෙන් හෝ අනු අනුදැනුමකින් තොරව යෝනි මාර්ගය එක්ක සම්බන්ධ වෙලා තියෙන ශ්‍රෝණි ආශ්‍රිත මාංශ පේශීන් හැකිලෙන එකයි මේ හැකිලීම සිද්ධවෙන්නේ මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහටයි විදියටයි අපේ තරුණ යුවතියන් අතර පළමු ලිංගික එක්වීම ඉතා වේදනාකාරී කියලා මතයක් තියෙනවා ඒ නිසා ඔවුන් පළමු සංසර්ගය ට මුහුණ දෙන්න අනවශ්‍ය භීතියක් දක්වනවා ඒ භීතිය නිසා මේ තත්වය ඇතිවෙන්න පුලුවන් ඒ වගේම යුවළක් අතර මනා සබඳතාවක් නොමැති නම් ඒ කාන්තාවට ලිංගික සබඳතාවකට කැමැත්තක් දක්වන්නේ නැහැ එයත් මේ තත්ත්වයට හේතු වෙනවා වගේම මානසික ආතතිය, ලිංගික අපයෝජනයට ලක්ව තිබීම තමාගේ ශරීරය පිළිබඳව ඇති හීනමානය ,ගර්භනී විමට ඇති බය වගේ ගැටලුත් මේ තත්ත්වයට හේතු වෙනවා .

කලවා බන්ධනය කියන්නෙත් ඕකට නේද?

ඔව් සමහරු කියනවා මේක ලිංගිකව එක්වෙන්න බැරි විදිහට කරපු බන්ධනයක් කියලා කියලා ඒ වගේ දේවල් නිසා වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු නොවීමෙන් අර ක්‍රමවලින් සුවපත් වෙන්න උත්සහ කරන පිරිසකුත් ඉන්නවා නමුත් මේ මිත්‍යා විශ්වාස පමණක් බව පැහැදිලිවම කියන්න ඕනේ

ප්‍රතිකාර නොගෙන හිටියත් මොකද වෙන්නේ?

මේ වගේ ලිංගාශ්‍රිත රෝග වලට දිගින් දිගට ප්‍රතිකාර නොකළොත්  ලොකු සංකීර්ණ පවුල් ආරවුල් පවා ඇති වෙන්න පුළුවන් බොහෝදෙනා ප්‍රතිකාර වෙත පැමිණෙන්නේ පවුල දෙදරා යාමට ඉතා ආසන්න අවස්ථාවේදී සමහර ස්වාමිපුරුෂයන් ඉන්නවා ඔවුන් බිරිඳට වේදනාවක් දැනෙයි කියල ඇති භීතියට ලිංගිකව එක් වෙන්න උත්සාහ කරන්නේ වත් නෑ. විවාහ වී අවුරුදු ගණනාවක් ගතවී තිබුණත් ලිංගික එක්වී නැති එවැනි අඹුසැමියන් අපට හමු වෙනවා ඇතැම් සැමියන් මම කලින් කියපු භීතිය නිසාම ලිංගික අකර්මණ්‍යතාවයකට පවා ලක් වෙලා තියෙනවා

මේ වේදනාවන් සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකි ද?

සම්පූර්ණයෙන්ම සුවපත් කරන්න පුළුවන් සංසර්ගයේදී වේදනාවක් දැනෙනවා නම් ඒක කාලයත් එක්ක මග හැරෙයි කියලා හිතලා බලාගෙන ඉන්නෙ නැතුව වෛද්‍යවරයකුට  පෙන්විය යුතුමයි. වෛද්‍යවරයා කාන්තාවගේ සායනික ඉතිහාසය, ලිංගික සහකරුගේ සහ ඔවුන්ගේ සබඳතාවය, ස්වභාවය වැනි කරුණු සොයා බලනවා. පසුව යෝනි මාර්ගය ශ්‍රෝණි ප්‍රදේශය කායික පරීක්ෂාවට ලක් කරනවා අවශ්‍ය නම් තවත් පරීක්ෂණ කීපයකට යොමුකර රෝග නිගමනය කරලා නියමිත ප්‍රතිකාර වෙත යොමු කරනවා රෝගයට හේතුව හෝමෝන අවම වීමක් ආසාත්මිකතාවයක් හෝ ආසාදන තත්ත්වයක් නම් ඒවාට නියමිත ඖෂධ ලබාදී වේදනාව නිට්ටාවටම සුව කර ගන්න පුළුවන් එහෙම නැතුව ශරීර අභ්‍යන්තර ගැටලුවක් නම් ඒ අදාළ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්නත් පුළුවන් වේදනාව ඇතිවෙන්නේ  Vaginismus නිසා නම් ශ්‍රෝණි  ප්‍රදේශයේ මාංශ පේශීන් සහ මනස සන්සුන් කිරීමට ලිහිල් කිරීමේ ක්‍රමවේද භාවිත කරනවා ඒ වගේම අවශ්‍යතාවය අනුව යුවල උපදේශන සේවා, යුවල චිකිත්සක මනෝචිකිත්සක මනෝවිද්‍යාත්මක ලිංගික උපදේශන සිදුකරනවා බොහෝවිට Vaginal Dilator එකක් යෝනි මාර්ගයට ඇතුළු කරලක් මේ තත්ත්වය සුවපත් කරන්න පුළුවන්.

Dyspareunia තත්ත්වයකට ප්‍රතිකාර කිරීමට යාමේදී අවධානය යොමු කළ යුතු විශේෂ කාරණා තිබෙනවද?

ඔව් මෙතැනදී කිවයුතු වැදගත්ම කාරණාව තමයි මෙවැනි වේදනාවක් දැනෙනවා නම් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වෛද්‍යවරයකු හෝ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු වෙතම යොමු වෙන්න කියන එක බොහෝ දෙනා හිතන්නේ මේ වේදනාවන් ඇති වෙන්නේ මානසික ගැටළු ලෙස පමණයි කියලා නමුත් මානසික ගැටලු වලට ප්‍රතිකාර කිරීමට පෙර මේ තත්ත්වය ඇති වන්නේ ශරීරයේ අභ්‍යන්තරය ඇති රෝග තත්ත්වයන් නිසා දැයි සොයා බැලීම වැදගත්.

 

ආයුර්වේද සර්වාංග රෝග වෛද්‍ය සුදත් ගුණතිලක මහතා,
බදාදා සහ සෙනසුරාදා හවස 4.30ට.
නාවින්න මෙඩිකෙයා රෝහලේදී හමුවිය හැක.