ඔබ කලක් තිස්සේ දණහිස් ආබාධ සහිත අස්ථි රෝගයකින් පෙලෙන්නෙක්ද? knee replacement surgery

ඔබ කලක් තිස්සේ දණ්හිස් ආබාධ (knee pain) සහිත අස්ථි රෝගයකින් පෙලෙන්නෙක්ද?

Do you have a chronic knee pain

By:-Dr.sarath rathnayake

Nawinna Medicare Hospital – Nawinna – Maharagama

Call : 071 4 367636 / 0774 957636 /0114367636 /5741701

 
ඇවිදීමේදී හා එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වීමේ දී දණහිස් වල හෝ කොන්දේ වේදනාවක් ඇති වෙයිද එයට හේතු ගණනාවක් තිබිය හැක. ඔබගේ දණහිසේ ඇති කාටිලේජ (Cartilage) ගෙවීමට ලක් වී ඇති නිසා එහි නිසි ක්‍රියාකාරීත්වය නැතිවී යාම ප්‍රධාන හේතු කොටගෙන එසේ ඇතිවිය හැකිය.
 ඔබ කුමන වයස් මට්ටමක සිටින කෙනෙක් වුවත් පෙර පරිදි එවැනි වේදනාවන් දැන් තව දුරටත් දරා සිටිය යුතු නැත

මන්ද නවීන වෛද්‍ය විද්‍යාවට පින් සිදුවන්නට එ සියලු ආබාධයන්ට දැන් ප්‍රතිකර්ම සොයා ගෙන ඇති බව ඔබ දන්නවාද?
 ඒ සඳහා පහසුවෙන් කෘතිම දණහිස් බද්ධ කිරීමේ ශල්‍යකර්ම (knee replacement surgery) දැන් ඉතා බහුල ලෙස සිදු කෙරේ. එසේ දණහිස් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසු ඔබට පෙර පරිදි ඔබේ සියලු කටයුතු කරගෙන යාමට හැකි බව දැනට ශල්‍යකර්ම මගින් සනාථ වී ඇති රෝගීන්ගේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීම මගින් ඔබට දැනගත හැකිය.

* දණහිස් බද්ධ කිරීම මගින් ඔබට අත්වන වාසි.

                                                                            * Benefits of knee replacement surgery

1) ඇවිදීමේදී සිට ගැනීමේදී හිද  ගැනීමේදී හෝ නිදා ගැනීමේ දී ඇතිවිය හැකි වේදනාවලින් අත්මිදීමේ හැකියාව ඇත
2) ඉතා දුර ප්‍රමාණයක් ඇවිදිය නොහැකි වුවත් කෙටි දුර ප්‍රමාණයක් පහසුවෙන් ඇවිදීමට ඔබට හැකියාව ලැබේ.
3)දණහිස් වේදනාවන් සඳහා කරන ඖෂධ ප්‍රතිකාර හා අනෙකුත් ප්‍රතිකාර වලට වඩා ශල්‍යකර්මය (knee replacement surgery) ඉතා සුදුසු ප්‍රතිකාරයක් වීම.
4) දණහිස් බද්ධ කිරීමේ ශල්‍යකර්ම සියල්ලම වාගේ ඉතා සාර්ථක මට්ටමක තිබෙන ඉහළ අගයක් තිබීම පිළිබඳ වාර්තා ඇත.

දණහිස බද්ධ කිරීම සඳහා සුදුසු වයස සීමාවක් තිබෙිද?

                                                                         Is there any age limit for knee replacement?

   කිසිදු වයස් සීමාවක් නැත විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝගීන් ගේ දණහිසෙහි ඇති වේදනාව ඇවිදීමේදී පෙන්නුම් කරනු ලබන අපහසුතාවයට වැඩි අවධානය යොමු කර සිදු කරනු ලබන ප්‍රතිකාර වලින් අනතුරුව පර්යේෂණ සඳහා රෝගියා යොමු කර ශල්‍යකර්ම සඳහා වෛද්‍යවරයා අනුමත කරනු ඇත. බොහෝ විට දණහිස් බද්ධ කරනු ලබන්නේ (knee replacement surgery) වයස අවුරුදු 50 80ත් අතර පසුවන රෝගීන්ට වෙයි

දණහිස් බද්ධ කිරීමක් අවශ්‍ය වන්නේ කුමන පාර්ශවයන්ටද?

                                                                                     Who needs a knee replacement 

   දණහිස් ගෙවීමකදී රෝගියාට ඇතිවන ඇවිදීමේ අපහසුතාව ඉතා දරුණු ලෙස වේදනාවක් ඇතිවෙයි මෙහි විශේෂත්වය වන්නේ රෝගියා කිසියම් කටයුත්තක නියැළෙන්නේ නැතිව විවේකීව සිටින විට දී ද වේදනාකාරී තත්ත්වයන් ඇතිවීම. එවැනි අවස්තා වලදී වෛද්‍යවරයා විසින් නියම කරන ඖෂධ ප්‍රතිකාර හා භෞත චිකිත්සක ප්‍රතිකාර සහ ස්ටෙරොයිඩ් ප්‍රතිකාර වලින් රෝගියා සුවය ලබන්නේ නැති  නම්  ශල්‍යකර්ම වෙත යොමුවීය යුතු බව වෛද්‍යවරයා විසින් නියම කරනු ලබයි.

දණහිස් බද්ධ කිරීමක් සිදුකළ යුත්තේ කුමන අවස්ථා වලදීද?

                                                                    In which cases should a knee transplant be performed?

  රෝගියාට අධික වේදනාවකින් පෙළීම දණහිස් සන්ධි ඉදිමීම සහ දැඩි බවක් දැනීම
 ඔබගේ දණහිසේ වේදනාව අධික වීම. ඔබගේ එදිනෙදා ක්‍රියාකාරකම් වල පවා යෙදීම අපහසු වීම සහ නින්ද පවා අහිමිවී යන අවස්ථාවන්හිදී.
ඔබගේ එදිනෙදා කටයුතු එනම් බඩු භාණ්ඩ ගෙන ඒම සහ ස්නානය කිරීම සහ අනෙකුත් කාර්යයන් කර ගැනීමට ඉතාම අපහසු අවස්ථාවන්වලදී.
 රෝගියාට සම්පූර්ණ වශයෙන් ඇවිදීමට නොහැකි අවස්ථාවලදී

 (knee replacement surgery)දණහිස බද්ධ කිරීමේ ශල්‍යකර්ම වර්ග මොනවාද?

                                                                           What are the Types of Knee Implant Surgery?

 සම්පූර්ණ දණහිස් බද්ධ කිරීම (Total knee replacement)
 එක කකුලක පමණක් සිදුකරන්න දණහිස් බද්ධ කිරීම (Half knee replacement)
 මෙම ශල්‍යකර්මයේදී ඔබ රෝහලේ නැවතී සිටිය යුතු කාලය ඉතා අවම වන අතර සුව වීමේ කාලයද ඉතා අඩුය .

  දණහිස් බද්ධ කිරීමකින් පසුව කොපමණ කාලයක් රෝහලේ නේවාසිකව සිටිය යුතු ද. මෙම කාලය රෝගියාගේ තත්ත්වය අනුව වෙනස් වෙයි ශල්‍යකර්මයෙන් පසුව අවම දින තුනක් හෝ උපරිම දින පහක් පමණ රෝහලේ ගත කිරීම සිදුවෙයි.

හිස් බද්ධ කිරීමකින් අනතුරුව නිවසේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවාද?

                                               What are the procedures to be followed at home after knee replacement?

ඔබ රෝහලින් පිටව ගිය පසු භෞත චිකිත්සකවරයා විසින් කරනු ලබන ව්‍යායාම සිදු කිරීම මගින් සහ උපදෙස් පිලිපැදීම මගින් ඔබගේ දණහිස ශක්තිමත් කෙර්.
ඇතැම් රෝගීන්ට ශල්‍යකර්මයෙන් සති හයකට පසුව ඇවිදීම සඳහා උපයෝගී කරගන්නා ආධාරක භාවිතා නොකර සිටීමේ හැකියාවද ඇත.
ඔබ රිය පදවන්නේ නම් සති හයත් අටත් අතර කාලයකින් පසු රිය පැදවීමට හැකියාව ඇත.

දණහිස් බද්ධ කිරීමේ ශල්‍යකර්මයෙන් පසු කිසියම් වේදනාවක් ඇති නොවේ ද ??

                                                                              Is there any pain after  Knee Implant Surger??

බොහෝ පිරිසකට වේදනා තත්ත්වයන් ඇති නොවේ.  ඇතැම් පිරිසකට වසර කීපයකට පසු වේදෙනා තත්ත්වයක් ඇතිවිය හැකිය

මෙම දණහිස් බද්ධ කිරීමේ ශල්‍යකර්ම  (knee replacement surgery) දැන් ඔබට මහරගම නාවින්නේ පිහිටි නාවින්න මෙඩිකෙයා රෝහල දී (Nawinna Medicare Hospital) සාධාරණ මිලකට විශේෂඥ වෛද්‍යවරුන් ලවා කර ගැනීමේ පහසුකම් සැලසී ඇත. මෙම ශල්‍යකර්ම සිදු කරනු ලබන්නේ යුරෝපයේ නිපදවන ලද ඉහළ තත්ත්වයෙන් හා ප්‍රමිතියෙන් යුතු ශල්‍ය උපකරණ හා යන්ත්‍ර භාවිතා කරමින් විදේශයන්හි සිදුකරන ලබන මෙවැනි වෙනත් ශල්‍යකර්මයන්ට හා සමාන ඉහල තත්වයකින් යුතුව රජයේ රෝහල් වල සේවයේ නියුතු පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් විසින් ය.
නවීන උපකරනවලින් සමන්විත ශල්‍යාගාර තුනක් සහිත නාවින්න මෙඩිකෙයා රෝහලේදී  Nawinna Medicare Hospital සිදුකරන දණහිස් බද්ධ ශල්‍යකර්ම සදහා ජනාධිපති අරමුදලින් (President’s Fund) ආධාර ලබා ගැනීමේ හැකියාවද ඇති බව දන්වමු.
දණහිස් ශල්‍යකර්ම  (knee replacement surgery) කර ගැනීමට ඔබට අවශ්‍ය නම් ඔබ ගත යුතු පලමු

ක්‍රියාමාර්ග  මොනවද?
පලමුවෙන් ඔබ නාවින්න මෙඩිකෙයා රෝහලේ දණහිස් ශල්‍යකර්ම සිදුකරනු ලබන විශේෂඥ වෛද්‍ය වරුන් හමුවන්න ඉන්පසු දණ්හිස් බද්ධ කිරීම වෙනුවට ගත හැකි වෙනත් ක්‍රියායාමාර්ග නැතිනම් ඔබ දණහිස් බද්ධ කිරීම සුදුසු යැයි වෛද්‍යවරයා පවසනු ඇත. එවිට එම වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව දණහිස් බද්ධ කිරීමේ ශල්‍යකර්ම වෙත ඉතා ඉක්මණින් කරගැනීමේ හැකියාව ඇත.

ජනාධිපති අරමුදලෙන් (President’s Fund) ලැබෙන සහන ලබාගන්නේ කෙසේද?
වෛද්‍ය නිර්දේශයෙන් පසු රෝහල විසින් ඔබට අවශ්‍ය සියලු ලිපි ලේඛන සකස් කර දෙනු ලැබේ.

නාවින්න මෙඩිකෙයා රෝහල – නාවින්න – මහරගම-

 Dr. sarath rathnayake (0777744201-0718555362)

 Nawinna Medicare Hospital - Nawinna - Maharagama

Call : 071 4 367636 / 0774 957636 /0114367636 /5741701

 

වෛද්‍යවරුන් චැනල් කර ගැනිමට අමතන්න..

හෝ

225 ඕනෑම මොබයිල් ෆොන් එකකින් ඉ චැනල් කර ගත හැකිය.

1225 ඕනෑම ටෙලිකොම දුරකතනයකින අමතා ඉ චැනල් කර ගත හැකිය.

*225 ලංකාබෙල් – ඩයලෝග් ෆෝන් මගින් ඉ චැනල් කර ගත හැකිය.

990 ඕනෑම මොබයිල් ෆොන් එකකින්  චැනල් කර ගත හැකිය.

ගාස්තු වශයෙන් රු 99 අයවේ