ලිංගික එක්වීමකට පසු යෝනි ප්‍රදේශය සේදීම අනිවාර්ය නෑ/It is not mandatory to wash the vaginal area after intercourse

ලිංගික එක්වීමකට පසු යෝනි ප්‍රදේශය සේදීම අනිවාර්ය නෑ.

යෝනි ශ්‍රාවයන් නිසා කෙට්ටු වෙනවා කියන එක මිත්‍යා මතයක්


අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් නිසා බොහෝ කාන්තාවන් කායිකව  පමණක් නොව මානසිකවත් පීඩා විඳී. සමාජයේ පවතින නොයෙකුත් මතිමතාන්තර නිසා බොහෝ දෙනා මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට යොමුවන ප්‍රමාණයද  සාපේක්ෂව අඩුය  .නමුත් මෙවැනි අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් හඳුනා ගැනීමත් ඒවාට නිසි ප්‍රතිකාර කිරීමත් ඉතා වැදගත් බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය i.i.ජයවීර අපි සමග සිදු කළ සංවාදයක දී ප්‍රකාශ කළේය කලේය මේ ඔහු සමග කළ සංවාදය ඇසුරෙන් සකස් කරන ලද ලිපියකි.

යෝනී ශ්‍රාවය කියලා හඳුන්වන්නේ මොකක්ද? 

යෝනි මාර්ගය ආස්තරණය කරන ශ්ලේෂ්මල පටකය මගින් යෝනි මාර්ගය තෙත් ව තියා ගැනීමට අවශ්‍ය ශ්‍රාවයන් නිකුත් කරනවා ඒ වගේම ගැබ්ගෙල ආශ්‍රිත ව නිපදවෙන යම් යම් ශ්‍රාවයනුත් යෝනි මාර්ගය හරහා නිතර පිට වෙනවා ඒ නිසා කාන්තාවගේ යෝනි මාර්ගය තෙත් ස්වභාවයකින් යුක්ත වීම සාමාන්‍ය දෙයක් මේ තියෙන සාමාන්‍ය යෝනි ශ්‍රාවයන් වලට වර්ණයක් හෝ ගන්ධයක් නෑ. දවසකට මේ සාමාන්‍ය යෝනි ශ්‍රාව  මිලිලීටරයක් විතර පිටවෙනවා.සාමාන්‍ය සුදයාම කියලත් මේ තත්ත්වය හඳුන්වනවා.

 සාමාන්‍ය යෝනි ශ්‍රාවයන් වුණත් වැඩි වශයෙන් පිටවන අවස්ථා තිබෙනවාද?

ඩිම්බ මෝචන අවස්ථාවේදී ගර්භණී අවදියේ දී මේ ශ්‍රාවයන් වන සාපේක්ෂ වැඩි වීමක් ඇතිවෙනවා. ඒ වගේම ලිංගික උත්තේජනයක් ඇතිවූ විට ලිංගික සංසර්ගයේදී යෝනි ශ්‍රාවයන් වැඩි වශයෙන් ශ්‍රාවය වෙනවා.

එතකොට අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් මොනවාද?

  So what are abnormal vaginal discharges?

මේ වගේ අසාමාන්‍යතාවයදී පිටවෙන ස්‍රාවය ප්‍රමාණාත්මකව වැඩි.සමහර වෙලාවට මේවා පිලී ගද වැනි දුර්ගන්ධයකින් යුක්ත වෙන්න පුලුවන්. ඒ වගේම ශ්‍රාවය සුදු පැහැති වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් ඒවා කහ,කොළ,අළු,රෝස වගේ පැහැයන් ගන්නත් ඉඩ තිබෙනවා.ඇතැම් කාන්තාවන්ට සුදු පැහැති කැටති ස්වභාවයේ යෝනි ශ්‍රාවයෙන් පිටවෙනවා.අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් ලිංගික ප්‍රදේශයේ තැවරුනහම කැසීම,තුවාල වීම වගේ ගැටලු ඇති වෙන්නත් පුළුවන්.

අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් ඇති වෙන්න බලපාන හේතු මොනවාද? What causes abnormal vaginal discharge?

යෝනි මාර්ගය ආශ්‍රිතව බැක්ටීරියා හා දිලීර ආසාදන ඇතිවීම තමයි අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් ඇති වෙන්න බලපාන සුලබම හේතුව.මෙතැන දී වැඩිපුරම ඇතිවෙන ආසාදන දෙකක් තියෙනවා එකක් තමයි candida  කියන යීස්ට් කාණ්ඩයේ  දිලීර ඇතිකරන උල්ලෝගම් කියන තත්ත්වය.මේ තත්ත්වය ඇති උනහම තමයි යෝනි මාර්ගයෙන් සුදු පැහැති කැටති පිටවෙන්නේ. අනිත් සුලභව තත්ත්වය වෙන්නේ bacterial vaginosis  කියන එකයි.මේ රෝගය ඇති කරන්නේ යෝනි මාර්ගයේ වර්ධනය වන නිර්වායු ශ්වසනය සිදු කරන බැක්ටීරියා වර්ග විසිනුයි.ඊට අමතරව ගොනෝරියාව,ක්ලැමීඩියාව,ට්‍රයිකොමීඩියාව වාගේ ලිංගාශ්‍රිත  රෝග නිසාත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් ඇති වෙනවා.ඒ වගේම ගැබ් ගෙල ආශ්‍රිත ව සහල් ශ්‍රෝණි ප්‍රදේශයේ ඇතිවන ආසාදන සහ ගැබ්ගෙල හෝ ගර්භාෂ පිළිකා නිසාත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයන් පිටවීමට ඉඩ තිබෙනවා .

යෝනි ශ්‍රාවයන් ඇතිවෙන්න සුලභව හේතුව බැක්ටීරියා හා දිලීර ආසාදන කිව්වනේ මේ වගේ ආසාදන ඇති වෙන්න බලපාන හේතු මොනවාද? Bacterial and fungal infections are the most common causes of vaginal discharge. What are the causes of these infections?

දියවැඩියාව,HIV  ආසාදනය වගේ රෝග තිබෙන කාන්තාවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම නිසා ඔවුන්ට මේ වගේ ආසාදන පහසුවෙන් ඇතිවෙන්න පුළුවන්.ඊට අමතරව යෝනි මාර්ගය ආශ්‍රිතව සිදුකරන වැරදි පුරුදු මේ සදහා හේතු වෙනවා.

මොනවද ඒ වැරදි පුරුදු? What are the wrong habits?

ලිංගාශ්‍රිත ප්‍රදේශ නිතර නිතර සබන් හෝ විෂබීජ නාශක යොදා සේදීම.ඒ විතරක් නොවෙයි ඉතා තද සිල්ක් යට ඇඳුම් ඇඳීම කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරදි පුරුදු විදිහට හඳුන්වන්න පුළුවන්.

වැඩිපුර සබන් යොදා පිරිසිදු කරන්න එපා කියන්නේ ඇයි? Why is it said not to clean with more soap?

මෙහෙමයි යෝනි මාර්ගය ආශ්‍රිතව lactobacillus කියන මිනිසාට හිතකර බැක්ටීරියා විශේෂයක් ඉන්නවා. මෙයාලා යෝනි මාර්ගයේ ආරක්ශාවට ඉතාම සියුම් තරලයක් නිපදවනවාමේ තරලය ඉතා ආම්ලිකයි. මේ අම්ලිකත්වය හොදින් පවත්වා ගන්න එකට තමයි අපි PH අගය පවත්වාගන්නවා කියන්නේ.මේ තරලය ට පුළුවන් බාහිරින් යෝනි මාර්ගයට ඇතුල් වන බැක්ටීරියා දිලීර විනාශ කරන්න. ගොඩක් කාන්තාවන් විෂබීජ නාශක හෝ සැර සබන් යොද නිතරම යෝනිමාර්ගය සෝදනවා.තව සමහර අය ඉතා වේගයෙන් බිඩර් ශවර් එක අල්ලලා යෝනි මාර්ගය පිරිසිදු කරනවා.අපි ඒ පුරුද්දට කියන්නේ (douching) කියලයි.මේ පුරුද්ද නිසා වෙන්නේ අර අපිට හිතකර ලැක්ටොබැසිලස් විනාශ වෙලා යන එකයි.මේ බැක්ටීරියා විනාශ වුණාට පස්සේ යෝනි මාර්ගයේ ආම්ලික තාවය වෙනස් වෙනස්වෙලා බාහිර බැක්ටීරියා,දිලීර වලට වැඩෙන්න පුළුවන් හොඳ පරිසරයක් නිර්මාණය වෙනවා.එතකොට විවිධ බැක්ටීරියා ආසාදන ඇති වෙන්නේ.අපි මුලින් කතා කරපු කැන්ඩිල වැනි දිලීර යෝනි මාර්ගයෙ නිතැතින්ම ජීවත් වුණත් ආම්ලිකතාව නිසාවැඩි වර්ධනයක් නෑ. ඒත් ආම්ලිකතාවය නැති උනු ගමන් මේ බැක්ටීරියා ඉතාම වේගයෙන් වර්ධනය වෙනවා.

එහෙම නම් කාන්තාවක් තමන්ගේ යෝනි පෙදෙස පිරිසිදු කරන්න ඕන හරි විදිහ මොකක්ද?

If so, what is the correct way for a woman to clean her vagina?

යෝනි මාර්ගයේ තිබෙන ආම්ලිකතාවය නිසා එය ස්වභාවිකව පිරිසිදු වෙනවා.ඒ නිසා දවසට දෙසැරයක් විතර ඉතාම සෞම්‍ය සබන් වර්ගයක් යොදලා ඒ ප්‍රදේශය සේදීම ප්‍රමාණවත්.හැබැයි කිසිම වෙලාවක යෝනි මාර්ගය තුළට වතුරවත් සබන් යොදන්න එපා.මුත්‍රා පිට කිරීමෙන් පස්සේ අවශ්‍ය නම් විතරක් ජලයෙන් සේදීමේ වරදක් නැහැ.නමුත් දැඩි පීඩනයකින් යුතු වතුර යෝනි මාර්ගයෙන් දෙසට ඇල්ලීම සුදුසු නැහැ. ජලයෙන් පිරිසිදු කළාට පස්සේ හොඳින් තෙත මාත්තු කිරීමත් වැදගත්.තෙත සහිත පරිසරයක් තිබීම බැක්ටීරියා වර්ධනයට හේතුවක් වෙන්න පුළුවන්.

ලිංගිකව සක්‍රිය කාන්තාවන්ට මේ ආසාදන ඇති වෙන්න තියෙනයේ ඉඩකඩ මොනවගේද?

What are the chances of sexually active women getting these infections?

ලිංගික සක්‍රීය නොවූ කාන්තාවකට සාපේක්ෂව ලිංගික සක්‍රීය කාන්තාවකට candidiasis වැනි දිලීර ආසාදන ඇතිවීමට වැඩි ඉඩකඩක් තියෙනවා.

ලිංගික එක්වීමකට පස්සේ යෝනි මාර්ගය හොඳින් පිරිසුදු කරන්නම ඕනෙයි කියල කියන්නේ ඒ නිසා ද?

Is that why it is said that the vagina must be cleaned thoroughly after intercourse?

ලිංගිකත්වය කියන්නේ ඉතාම ස්වභාවික ක්‍රියාවලියක්.යෝනි මාර්ගයේ ආම්ලිකත්වය නිසි පරිදි පවත්වා ගන්නවා නම් ලිංගික එක් වීමකදී යෝනි මාර්ගයට ඇතුළු වෙන බැක්ටීරියා ස්වාභාවිකවම විනාශ වෙනවා ඒ නිසා ලිංගිකව එක් වූ පසු  අනිවාර්යයෙන්ම යෝනි මාර්ගය සේදිය යුතුමයි කියලා නියමයක් නෑ. හැබැයි ඉතින් අවශ්‍ය නම් පමණක් සාමාන්‍ය විදිහට පිරිසිදු කලාට කමක් නෑ.

යෝනි ශ්‍රාවයන් පිටවීම ශරීරය කෙට්ටු වීමට හේතුවක්ද? Is vaginal discharge a cause of thin body?

Is discharge of vaginal secretions a cause of thinness?

සමහරු කියන ශරීරයේ උෂ්ණත්වය වැඩි උනාම අසාමාන්‍ය ශ්‍රාවයන් පිට වෙනවා කියලා ඒ වගේම මේ ශ්‍රාවයන් පිටවීම නිසා ශරීරය කෘෂ වෙනවා කියලත් අපි අහලා තියෙනවා නමුත් මේවා මිථ්‍යා විශ්වාස පමණක් බව පැහැදිලිවම කියන්න ඕනේ.

මේවාට ප්‍රතිකාර නොකර හිටියොත් මොකද වෙන්නේ? What happens if these are left untreated?

මේ වගේ ලිංගාශ්‍රිත රෝග වලට දිගින් දිගටම ප්‍රතිකාර නොකළොත් මදසරු භාවය හෝ වඳ භාවය ඇති වෙන්න පුළුවන්. ස්‍රෝණි ප්‍රදාහය නිසා දීර්ඝකාලීනව පවතින යටිබඩේ වේදනා ඇති වෙන්නත් පුළුවන්.ඒ වගේම අසාමාන්‍ය යෝනි ශ්‍රාව ඇතිවූයේ ගර්භාෂය හෝ ගැබ්ගෙල පිළිකාවක් නිසා නම් තවත් ගැටලුකාරී වෙනවා.ඒ නිසා යෝනි මාර්ගයෙන් යම් අසාමාන්‍ය ශ්‍රාවයන් පිට වෙනවා නම් වෛද්‍යවරයකු ට පෙන්විය යුතුමයි.එතැනදී වෛද්‍යවරයා කායික පරීක්ෂාවක් සමග යෝනි ශ්‍රාවයේ නියැදියක් පරික්ෂාවට ලක් කරලා මේක ශරීර අභ්‍යන්තර ගැටලුවක් ද,නැත්නම් බැක්ටීරියා ආසාදනයක් ද කියලා නිගමනය කරනවා.දිලීර හෝ බැක්ටීරියා ආසාදනයක් නම් ප්‍රතිදිලීර හෝ බැක්ටීරියා ඖෂධ මඟින් රෝගය නිට්ටාවට සුව කරන්න පුළුවන්.එහෙම නැතුව වෙනස් තත්ත්වයක් නම් ඒ අදාළ ප්‍රතිකාර වෙත යොමු වෙන්නත් පුළුවන්.