දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness

දරුවන් නොමැති වීමට විසදුමක් solution to childlessness


 

අද මගේ ලිපියට ප්‍රස්තුත වන්නේ බොහෝ අඹුසැමියන් සඟවන නමුත් කතා කළ යුතු  මාතෘකාවක්ය. මාතෘකාව පැහැදිලි කිරීමට මා උදාහරණය ගන්නේ එය ඉතා මෑතක දී මා හමුවීමට පැමිණි යුවළකගේ කතන්දරයක්ය.

නම් ගම් හෙළි කිරීම සුදුසු නැති නිසා මා එම දෙපළ අයෝමා සහ සමීර යන නම්වලින් හඳුන්වමි.අයෝමා සහ සමීර විවාහ වී ඇත්තේ මීට අවුරුදු තුනකට පමණ පෙර විවාහයෙන් වසර දෙකක් ගතවන තුරු  (After two years of marriage)දරුවන් නොසාදන බවට ඔවුන් විවාහයට පෙර (Before marriage) සිටම කතිකා කොට ගෙන තිබිණි.

`ඩොක්ටර්,  දැන් අපි බබෙක් හදන්න ට්‍රයි  අරගෙන අවුරුද්දකටත් කිට්ටුයි. ඒත් තාම අපිට බාබාලා නැහැ.“

අයෝමා පැවසුවේ සෝසුසුම් ලමින්ය. වයස අවුරුදු 30 (30 years old) ක් වුවද දරුවෙකු ලෑබිමට අපොහොසත් වීම නිසා   ඇය සිටියේ කනස්සල්ලෙනි. එසේම  සැමියාගේ මව නිතර නිතර මේ සම්බන්ධයෙන් ඇනුම්පද කියන නිසා ඇයට තම ජිවිතය එපා වි ඇති බව පැවසුවාය.

`ප්‍රශ්නේ. තියෙන්නේ මෙයාට ඒත් එයාලාගේන් කයි කතන්දර අහන්නේ මම“

ඇය එසේ පවසද්දි සමිරගේ මුහුන මැලවි යන අයුරු මම දුටුවෙමි. තත්වය හේතුවෙන් අයෝමා නොව සමිරත් සිටින්නේ දැඩි පීඩනයක බව පැහැදිලිය.

රෝග තත්වය පිලිබදව නිගමනයකට එලැබිය යුතු නිසා මේ පිලිබදව මෙම දෙදෙනා සමග තවදුරටත් කතාබහ කලෙමි.

අයෝමා හැඬූ කඳුළින් කියා සිටියේ ලිංගික ඇසුරේ දී (In sex) තම සැමියාට ලිංගික ප්‍රාණවත් බව පවත්වා ගැනිමට අපහසු වීමේ ගැටලුවලට හේතුව බවය.

එසේම විවාහ වීමට වසර දෙකක් යනතුරු මෙවැනි ගැටළු නොතිබුණු බව දරුවකු සැදීමට සෑදිමට උත්සහ ගන්නා කාල සිමාවේ පටන් මේ තත්වය ඇති වු බවත් ඈ කියයි .

ලිංගික අකර්‍යමතා (Sexual dysfunction) ඇතිවිමට බලපානු ලබන ප්‍රදාන හේතු කාරනා ද්විත්වයකි ඉන් පලමු  වැන්න කායික හේතුන් වන අතර අනෙක වන්නේ මානසික හේතුන් ය.

තරුණ වයසේ සිට සමීර කිසිදු කායික ගැටළුවක්ද ඇති නොවු නිසා  ගැටලුව පිටුපස යම් මානසික බලපෑමක් (mental effect) ඇති  බව පැහැදිලි විය.

ප්‍රතිකාර කිරීමට ඒ පිළිබඳව දැනගතයුතුම නිසා  සමීරගේ තත්ත්වය පිළිබඳ තනිව ප්‍රශ්න කිරීමට මම කටයුතුකලෙමි.

බිරිද පිළිබඳ යම් අමනාපයක් හෝ දරුවන් සෑදීමට අකමැත්තක් ඇත්දැයි යන විට ඔහු කියා සිටියේ එවැනි කිසිදු ගැටළුවක් නැති බවයි.

“ හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඩොක්ටර්, (doctor)දරුවෙක්  හදන්න ට්‍රයි කර න මුල් කාලේ ඉදලම වයිප් ලොකු පීඩනයක හිටියේ. සරු කාලෙට එයා මට ඔපිස් යන්නත් එපා කියනවා .එත් එහම නිවාඩු ගන්නත් අමාරුයිනේ. වැඩ නිසා සරු කාලෙදී හරියට එකතු වෙන්න බැරිවුනු අවස්තා තිබුනා. ඒ දවස් දෙක තුන මිස් වුනොත් වයිප් අඩනවා ඇත්තටම මටත් ඒක නම් පීඩනයක් `

මෙය පැහැදිලිවම ලින්ගිකව එක්වී දරුවෙක් සැදිමට තිබු කලබලය සහ මානසික පීඩනය (mental stress) නිසා ඇති වු බව මට පැහැදිලි විය

දරුවකු සෑදීම සම්බන්ධයෙන්  අයෝමාගේ සිතේ හටගෙන තිබු පීඩනය සමීරට බලපා තිබුනේ මේ අකාරයටය. තත්වය කායිකහේතුවක් (physiological cause) නිසා ඇති නොවුයේන් මේ දෙදෙනාට යුවල උපදේශන ලබා දීමට මම කටයුතු කළෙමි.

අනවශ්‍ය මානසික පීඩනයකින් (mental stress) ලිංගික ක්‍රියාවලිය යෙදීම නිසා මෙවැනි ගැටලු ඇතිවිය හැකි බව ඔවුන්ට පැහැදිලි කළමි.ආදරනීය යුවළක් ලෙස සතුටින් ආදරණීයව නිතිපතා ලිංගිකව එක්වීම වඩා යෝග්‍ය බව මම තව දුරටත් අවධාරණය කළෙමි .

ප්‍රජනන ක්‍රියාවලියට අමතරව අපගේ මානසික (mental) යහපැවැත්ම හොඳින් පවත්වා ගැනීම උදෙසා ද ලිංගිකව එක් වීම අත්‍යවශ්‍ය බව තේරුම් ගත යුතු ය.

සැමියාගේ බිරිඳගේ පවුල් ආරවුල් නිසා ලිංගිකව අකර්මණ්‍යතාව ට පත්වූ සැමියන් පවා අපට හමු වී ඇත.

මානසික හේතූන් වලට අමතරව අධි රුධිර පීඩනය දියවැඩියාව තයිරොයිඩ් ග්‍රන්ථියේ (Thyroid gland) ගැටලු ද රෝග ඇතුළු විවිධ රෝග තත්ත්ව යමකුගේ ලිංගික අකර්මණ්‍ය වීම (Impotence) උදෙසා බලපෑ හැකිය.

දුම් පානය (smoking) සහ මත්ද්‍රව්‍ය (drug) නිසා මෙවැනි තත්ත්වයන් ඇති වීමට ඉඩකඩ ඇත. හේතුව කායිකව  හේතුවක් වුවත්,  මානසික හේතුවක් (mental cause) වුවත් තම පිරිමි කමට නිගා වේ යැයි, සිතන නිසා දෝ  මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්නා පිරිමින් සාපේක්ෂව අඩුයි. තමා පිළිබඳව අන්‍යන්ට වැරදි වැටහීම් ඇතිකර ගනීවි යැයි සිතන ඇතැම් බිරියන් පවා සැමියාගේ මේ ගැටලුව ඉවසා ගෙන  ජීවත්වීමට හුරු වෙති. කාන්තාවකගේ මානසික යහපැවැත්ම හොඳින් පවත්වා ගැනීමට ඇයට කායික ස්පර්ශය (Physical touch) මෙන්ම සතුට ගෙන දෙන ලිංගික එක්වීම් ඉතා වැදගත්ය.

එම තෘප්තිය  නොලැබෙන විට ඇය සැමියා පිළිබඳව වෛර සහගත සිතක් වුවත් පහළ විය හැකිය. එවිට සිදුවන්නේ සංකීර්න පවුල් ආරවුල් ඇති වීමයි.  වයස අවුරුදු හතළිහක් ගත කරන පුද්ගලයන්ගෙන් 40%ක් යම් ලිංගික අකර්මණ්‍යතාවකට (Sexual dysfunction) මුහුණ දෙන බවට ගණන් බලා ඇත.

ලිංගික අකර්මණ්‍යතාවය  ඇති වූ සැනින් බොහෝ දෙනා එයට විසඳුම් ලබා ගන්නේ ක්ෂණික ලිංගික උත්තේජනය (Immediate sexual stimulation) පිණිස ලබා ගන්නා ඖෂධ (Medicines) වර්ග භාවිතා කිරීමෙන් ය. ලිංගික අකර්මණ්‍යතාව (Sexual impotence) උදෙසා ලිංගික උත්තේජන පෙති (Sexual stimulation pills) ගිල දැමීම  අතීසාරයට අමුඩ ගැසීමක් පමණකි

හඳුනා නොගත් හෘද රෝග (heart disease) තිබෙන පුද්ගලයන් මෙම ප්‍රති ලබාගැනීම මාරාන්තික (Deadly) වීමටද ඉඩ ඇත .නිසි ප්‍රතිකාර මගින් ලිංගික අකර්මණ්‍යතාවය (Sexual impotence) නිට්ටාවට සුව කිරීමට හෝ මැනවින් පාලනය කිරීමට හැකිය .එසේම ජාතික ලිංගාශිත රෝග සායන මගින් මෙම ප්‍රතිකාර සහ උපදේශන සේවා නොමිලේ ලබාගත හැකි බවත් සටහන් කළ යුතුමය. තම සැමියා එවැනි තත්ත්වයකින් පීඩා විඳිනවා නම් නිසි ප්‍රතිකාර (treatment) වෙත යොමු වීමට ඔහුට සහාය වීම යහපත් බිරිඳකගේ වගකීමක් බව පැවසිය හැකි.

ආයුර්වේද සර්වාංග රෝග වෛද්‍ය සුදත් ගුණතිලක මහතා,
බදාදා සහ සෙනසුරාදා හවස 4.30ට.
නාවින්න මෙඩිකෙයා රෝහලේදී හමුවිය හැක.