අද ලබාදෙන සෞඛ්‍ය සම්පන්න ආහාර හෙට දවසේ නීරෝගී දරුවන් බිහි කරයි.

අද ලබාදෙන සෞඛ්‍ය සම්පන්න ආහාර හෙට දවසේ නීරෝගී දරුවන් බිහි කරයි.


දරුවන් ලොකුමහත් කරවන්නට උනන්දු වන මාපියන් අනාගතයේ නිරෝගි දරුවන් කරන්නටද උනන්දු වන්නේ නම් එම දරුවන් සෞඛ්‍ය සම්පන්න බවින් හෙබි වනු ඇත. කෙටි ආහාර ලොවට හඳුන්වා දීමත් සමග මිනිසාගේ ජීවිතය ද කෙටි වී ඇත. ආහාර සහ විද්‍යාව දියුණුවත් සමග කෘතීමව සාදන ආහාර වල ශක්තිය නැතිනම් කැලරි ප්‍රමාණය වැඩිය. අප ආහාර ලබා ගැනීම සිදු කළ යුත්තේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට අනුව.ය එසේ නොමැතිව වැඩි කැලරි ආහාරයට ගැනීමෙන් බෝ නොවන රෝග ඉතා සීග්‍රයෙන් සෑදෙනු ඇත. දිනපතා ගන්නා කැලරි එදිනෙදාම (Calories daily)දවාලන්න හැකිනම් නිරෝගී වේ. මෙම අධි කැලරි ආහාර නිසා හෘදය අග්න්‍යාශය අක්මාව (liver) වකුගඩු (Kidneys) ආදී ශරීරයේ අත්‍යවශ්‍යම ඉන්ද්‍රියන් දුර්වල වේ. ගැලපෙන බරක් පවත්වා ගැනීම සඳහාත් දිනකට කොපමණ කැලරි (calories) ප්‍රමාණයක් ගත යුතු දැයි දැන සිටිය යුතුය. දිනකට දවාලීය හැකි ප්‍රමාණයට වඩා කැලරි (calories) ප්‍රමාණයක් ගතහොත් ඒ දවා ලීමට සමත් වන පරිදි ශාරීරික ක්‍රියාකාරකම් ද වැඩි කරගත යුතුයි.

ව්‍යායාම (exercise)

දිනපතා පොත පතෙන්  (By the book) පරිගණකයේ (computer) ඇලෙන ගැලෙන  දරුවාගේ මොළය (brain) ශරීර ඉන්ද්‍රියන් වර්ධනයටද (development of senses) ව්‍යායාම් අත්‍යවශ්‍යයි. අඩුම සතියකට දින 5 ක් විනාඩි 30ක් 45 ත් අතර කාලයක් සිරුර වෙහෙසන කාර්යයක නියැළෙන්න. බයිසිකල් පැදීම (Cycling) කඩිසරව ඇවිදීම (Walking briskly) පිහිනීම (swimming) ශරීරය බර අඩු කරගැනීමටත්  (reduce body weight) ඉන්ද්‍රියන් හොඳින් පවත්වා ගැනීමටත් රුකුලක් වෙයි .දිනපතා ක්‍රීඩා ව්‍යායාම කිරීමේ ශරීරයට හිතකර කොලෙස්ටරෝල් (Cholesterol) වැඩි කරගැනීමටත් ශරීරයකට අහිතකර කොලෙස්ටරෝල් (Cholesterol) අඩු කර ගැනීමටත් හැකි වේවි. අධි රුධිර පීඩනය (High blood pressure) රුධිර ගත සීනි ප්‍රමාණය පාලනය කර ගැනීමටත් පෙනහලු ක්‍රියාකාරිත්වය වර්ධනය කර ගැනීමටත් (Also to develop lung function) උපකාරී වේ. සෞඛ්‍යට හිතකර ආහාර ගැනීම බහුල නිසා ආහාර ගත්තත් නිරෝගී දිවිපෙවෙතක් සඳහා අවශ්‍ය පෝෂ පදාර්ථ නොලැබෙනවා වන්නට පුළුවන්.

සෞඛ්‍යට හිතකර ආහාර ගැනීම (Eating healthy food)

බඩ පැලෙන්න කනවා යනු ලංකාව ඉන්දියාව ආදී රටවල විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් (Carbohydrates)  විශාල ප්‍රමාණයක් ගත්තා යන්නයි. ඉන් ඇති ඵලයට වඩා ඇත්තේ නිශ්ඵල තාවයක් පමණයි.පෝෂණ ගුණයෙන් යුතු ආහාර වේලක් ලෙස හදුන්වනුයේ විටමින් (vitamins) ඛනිජ ලවණ (Mineral salts) තන්තු ඇමයිනෝ අම්ල (Amino acids) අත්‍යවශ්‍ය මේද අම්ල (Fatty acids) මෙන්ම කැලරි (calories) අඩු ප්‍රමාණය යුත් ආහාර වේලක් ය. දරුවාට අවශ්‍ය පෝෂ පදාර්ථ සියල්ලම ලබා ගැනීම සඳහා පලතුරු (fruits) එළවළු වර්ග (Vegetables) ධාන්‍ය වර්ග (Cereals) සහ මේදයෙන් තොර හෝ අඩු මේද අඩුම ප්‍රමාණවලින් යුතු ගොවි නිෂ්පාදිත හා කුඩා මාළු වර්ග ආදිය ආහාර වේලට එක් කරන්න.

එළවළු හා පලතුරු (vegetables and fruits)

මේවයෙ විටමින් (vitamins) ඛනිජ තන්තු (Mineral fiber) විශාල ප්‍රමාණයක් අඩංගු අතර කැලරි (Cereals) සුළු ප්‍රමාණයක් අඩංගු වේ. අඹ (Mango) පේර (Guava) අලිගැටපේර (avocado) වෙරළු (beaches) අනෝදා (Anoda) සියඹලා (tamarind) ගල් ගල්සියඹලා (Dialium indum) සැපතිල්ලා (sopodilla) ජම්බු (Jambu) දූරියන් (Durian) රඹුටං කෙසෙල්  (banana) අන්නාසි (pineapple) සහ දේශීය නිශ්පාදිත මිදි  (grapes) දරුවන්ට දෙන්න. බටහිර රටවලින් ගේන ඇපල් (apple) අඩු කරන්න.

Beans සෝයා (Beans) ආදී රනිල කුලයට අයත් බෝග ගොටුකොළ කංකුං Kankung  නිවිති (Spinach) තම්පලා (Tampala)  කතුරුමුරුංගා කොළ මල් මුරුන්ගා කරල් ආහාරයට අනිවාර්යෙන්ම එක් කරවන්න. මේවයෙ විටමින් ඉතා විශාල වශයෙන් ද යකඩ කැල්සියම් මැග්නීසියම් (Magnesium)වැනි ඛනිජ වර්ග ද තන්තු ප්‍රතිඔක්සිකාරක යහපත් ප්‍රෝටීන් (protein අඩංගුවේ. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි නොකර රුධිර පීඩනය (blood pressure) වැඩි නොකර වාහිනී පද්ධතිය වර්ධනය කර ගැනීමට පලතුරු හා එළවළු දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ට ද ඉතා වැදගත් වේ.

ශුද්ධ නොකල ධාන්‍ය වර්ග  (නිවුඩ්ඩ සහිත)  Unrefined Cereals (with bran)

මේවා කොලෙස්ටරෝල්  (Cholesterol) මට්ටම අඩු කිරීමට උපකාරී වන තන්තු, විශේෂයෙන්ම ද්‍රව්‍යමය තන්තු සහ කාබෝහයිඩ්‍රේට් (Carbohydrates) අඩංගු අතර මේවා අඩු මේද ප්‍රමාණයකින් (Low in fat) යුක්ත වේ. එම ධාන්‍ය මධ්‍ය වශයෙන් ආහාරයට ගතහොත් උසට සරිලන බර රැක ගැනීමට උපකාරී වේ. අඩුම වශයෙන් සතියකට දෙවරක්වත්  මාළු (fish) ආහාරයට ගත යුතුය. විශාල කෙලවල්ලා (tuna fish) හා බලය  (tuna fish) ගේ පිටත සමේ මොළයට අහිතකර රසදිය ඇති බැවින් සම ඇර  පිසගන්න. කුඩා මසුන් ආහාරයට ගැනීම වඩාත් සුදුසුය. ගර්භනී සමයේ විශේෂයෙන් බලයා කෙලවල්ලා  (tuna fish) ගේ සම ඉවත්කර පිසගන්න. එය දරු ගැබේ මොළේට හා  වකුගඩු වල ට බලපෑ හැකියි. නමුදු කෙලවල්ලාගේ හා බලයාගේ ඔමේගා 3 අධිකයි. කුඩා මාලුවලින් සුප් එකක් එළවළු ද දමා දරුවන්ට සතියකට දෙවරක්වත් සවසට බීමට දෙන්න.

ආයුර්වේද සර්වාංග රෝග වෛද්‍ය සුදත් ගුණතිලක මහතා,
බදාදා සහ සෙනසුරාදා හවස 4.30ට.
නාවින්න මෙඩිකෙයා රෝහලේදී හමුවිය හැක.