සාමාන්‍යයෙන් මිනිස්සු අත බලලා සාස්තර කියනවා. ඇත්තටම අත බලලා කියන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒවා සාස්තර වලට වඩා ප්‍රබලයි. මේ කියන්න යන්නේ ඔබේ අත බලලා කියන්න පුළුවන් දෙයක් ගැන. හැබැයි සාස්තරයක් නම් නෙමෙයි. සාස්තරයක් තරමට වැදගත් දයක් ගැන. ඒ ඔබේ සෞඛ්‍ය තත්ත්වය. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන අනාවැකි කියන්න පුළුවන් හොදම තැනක් තමයි ඔබේ දෑත කියන්නේ.
ඇත්තටම ඔබට තියෙන්නේ රතු පැහැති දෑතක් නම් ඒක ඒ තරම් හොද සලකුණක් නෙමෙයි වෛද්‍ය සටහන් වලට අනුව අත්ල රතු පැහැති වීමට බලපාන හේතුව අක්මාවේ ඇති ගැටළුවක් විය හැකියි. ඔබේ වයස අවුරුදු 50ට වඩා වැඩි නම් මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් අත්ලේ යට පෙදෙස රතු වීම මෙහි ලක්ෂණයයි. හෝර්මෝන වල අසමතුලිතතාවයක් ඇති වූ විට ලේ නහර පළල් වීමක් සිදු විය හැක. Rheumatoid arthritis තත්වය නිසාත් අත්ල රතු විය හැක. මෙවැනි තත්වයකදී වෛද්‍යවරයෙකු හමු වීමත්, ඔබ ලබා ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමත්, සෞඛ්යාරක්ෂිත ආහාර ලබා ගැනීමත් වැදගත් වෙනවා.
ඒ වගේම තමයි ඔබේ අත්වලට නිතර දහඩිය දැමීම කියන්නෙත් ඒ තරම් හොද දෙයක් නම් නෙමෙයි. අත්ලට දහදිය දැමීමට හේතු වන කරුණු 3ක් තිබෙනවා. සමහරුන්ගේ ශරීරයට දහදිය දමන ප්‍රමාණය කොහොමත් ඉතා වැඩියි. එවැනි අයගේ අත්ලට වැඩියෙන් දහදිය දැමීම සාමාන්‍යයි. සමහරුන්ගේ අත්ල දහදියෙන් තෙත් වන්නේ මානසික ආතතිය ඇති වූ විටයි. ඔබේ මානසික ආතතිය අඩු කර ගැනීම සඳහා උපකාරී වන භාවනා ක්‍රම, යෝගා ව්‍යායාම ආදියේ නිරත වන්න. ඒ වගේම තයිරොයිඩ් ග්‍රන්තියේ ඇති වන ගැටළුවක් නිසාත් මෙය විය හැකියි. ඔබ සිරුරට ලබා ගන්නා මත්ද්‍රව්‍ය නැවත්වීම වඩාත් සුදුසුයි. අඩුවක් නැති නම් වෛද්‍යවරයෙකු හමු වන්න.
මීට අමතරව ඔබේ අත්ලෙන් කියන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ අතරින් ඔබේ අත නිතර හිරි වැටීමට ලක් වෙනවා නම් එය ටිකක් අයහපත් තත්ත්වයක් මේ තත්ත්වය අපි හැමෝටම පොදුවේ දැනෙන තත්ත්වයක්. ශරීරයේ යම් යම් ස්ථාන අතර හිරිවැටීම් ඇති වීම ස්වාභාවික ත්ත්වයක්. නමුත් ඔබේ අත යම් හේතුවක් නිසා නිතර හිරිවැටීමකට ලක් වෙනවා නම් ඒ ගැන වැඩියෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. මෙලෙස සිදුවන්නේ සන්වේදී නහරයක් දිගු කාලයක් පුරා තද වීමකට ලක් වීම නිසා. මීට අමතරව මැණික් කටුවේ ඇති ආභාධයන් නිසාත් මෙවැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයකදී ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි.
ඔබට ඇත්තේ වියළුනු අත්ලක් නම් ඔබට ඊස්ට්‍රජන් හෝර්මොනයේ හිගතාවයක් තිබෙන්නට පුළුවන්. බොහෝ විට ආර්තවාහරණයත් සමඟ මෙය සිදු විය හැකියි. දිනපතා ජලය පානය කරන ප්‍රමාණය වැඩි කරන්න. සිරුර වේලීමට ලක් කරන පානයන් ලබා ගැනීමෙන් වලකින්න. අතට මොයිස්චරයිස් ක්‍රීම් එකක් ගැල්වීමට පටන් ගන්න. ඔබේ ආහාර වේලට ඇට වර්ග සහ මාළු එක් කර ගන්න. අඩුවක් නොවන්නේ නම්, ඔබේ වෛද්‍යවරයා හමු වන්න.
ඔබේ අත් නිතර වෙව්ලනවා නම් එය අත් වෙව්ලීම Parkinson’s Disease වැනි බරපතල රෝගයක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. මෙම තත්වයෙන් ඔබ බරපතල ලෙස පීඩා විඳිනවා නම්, තවත් බලා නොසිට වෛද්‍යවරයෙකු හමු වන්න. කෝපි සහ ඇල්කොහොල් ලබා ගැනීම සම්පුර්ණයෙන්ම වළක්වා ගන්න. ඇතැම්විට අත් වෙව්ලීම කාංසාව හෝ මානසික ආතතිය නිසා සිදු වීමත් විය හැකියි.
එමෙන්ම ඔබේ නියපොතු බිඳී, පිපිරී දිස් වන්නේ සින්ක් දුර්වලතාවය නිසායි. සින්ක් ඔබේ සෞඛයයට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක් වෙනවා. තුවාල ඉක්මනින් සුව වීමට, සෛල වල ක්‍රියාකාරිත්වයට, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිරෝගි බවට සින්ක් පෝෂකය අත්‍යවශ්‍යයි. ඔබේ ආහාර වේලට ඕට්ස්, මස්, ඇට වර්ග වැනි සින්ක් අඩංගු ආහාර එක් කර ගන්න. වෛද්‍ය උපදෙ මත සින්ක් අඩංගු විටමින් පෙති ලබා ගන්න.ඔබේ ඇඟිලි සාමාන්‍ය ඇඟිලි වලට වඩා වෙනස්ව, ඇතැම් ස්ථාන මහත්ව (මුරුංගා කරල් ලෙස) තිබේ නම්, ඒ ගැන ඔබේ අවධනය යොමු කරන්න. මෙසේ මහත් වන්නේ නියපොත්ත පිහිටි ප්රදේශයයි. ඔබේ සිරුරට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය හිඟ වීම, හදවත් රෝග, පෙනහලු පිළිකා වැනි තත්වයකදී මෙසේ විය හැකියි. වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය පරීක්ෂණ සිදු කර ගන්න.